ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ යෙදෙන අරගලකරුවන් අද රාත්‍රී විරෝධතාවය අලුත් මුහුණුවරක් එක් කර ඇත.



ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයට ප්‍රොජෙක්ටරයක් හරහා සටන් පාඨ දිස්වන රූපරාමු ප්‍රක්ෂේපණය කර ඇත.

ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන්නැයි සඳහන් පාඨ ආලෝක ධාරාවන් මගින් නිරූපනය කර තිබේ.

එමෙන්ම සාටක පැලදාගත් රාජපක්ෂ පවුල ඇතුළු විවිධ නිර්මාණ එමගින් නිරූපණය කර තිබෙනු දක්නට ඇත.

ඒ අතර ලේසර් කිරණ යොමු කරන ප්‍රොජෙක්ටරය වැලැක්වීමට ආරක්ෂක අංශ බලවත් උත්සහයක් දරා තිබිණ.

00000444

000023

0000552

000041241


ගාලු මුවදොර විරෝධයට අදට දින 9ක්


ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ගාලුමුවදොරදී පැවැත්වෙන විරෝධතාවය 09 වැනි දිනටත් අද පැවැත්වෙයි.

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට වහාම ඉවත් වන ලෙසට බල කරමින් ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන මහජන විරෝධයට අද  රාත්‍රියේ ද දහස් සංඛ්‍යත පිරිසක් එක්ව සිටියි.

අරගල භූමියේ රැඳීසිටින පිරිස් ආරක්ෂා කිරීම හා ඔවුන් දෙවියන්ට භාරකිරීම සඳහා ඊයේ (16) දහඅට සන්නිය ශාන්තිකර්මයක් ද පැවැත්වුණි.

එමෙන්ම දකුණු පළාතේ ගුප්ත විද්‍යාවට ප්‍රචලිත පිරිසක් එම ස්ථානයේ ගුරුකම් කිහිපයක් ද සිදුකළේය.

තවත් ප්‍රවීණ කලාකරුවන් රැසක් විරෝධතාවයට සහාය දැක්වීම සඳහා එහි පැමිණියේය.
 

 

 


 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්