හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට සහ සහ මුදල් අමත්‍යංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගල ට විදෙස් ගමන් තහනමක් නිකුත් කරන ලෙස ඉල්ලමින්
හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ රජිත් කීර්ති තෙන්නකොන් අධිකරණයට ඉල්ලීමක් සිදු කර ඇතැයි වාර්තාවේ.
කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කරයි
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මැයි මස 02 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල විසින් අද (18) යළි සිතාසි නිකුත් කර ඇත.
පනවා තිබෙන විදේශ ගමන් තහනම ද එදින තෙක් දීර්ඝ කරන බව අධිකරණය සඳහන් කළේය.
අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ අවධියේ සිදුකළ බව කියන චෝදනා සම්බන්ධයෙන් හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් අද යළි කැඳවීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය නිකුත් කරනු ලැබීය.