ජාතික විරෝධතා දිනයක්, සතියක හර්තාලයක් සහ ඒකාබද්ධ වැඩ වර්ජනයක්


රටපුරා සතියක කාලයක් හෙට (20) සිට හර්තාල් ව්‍යාපාරයක් දියත් කරන බව වෘත්තිය සමති 300 කට අධික සංඛ්‍යාවකින් සමන්විත වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සදහන් කරයි.

ඒ අනුව හෙට සිට මේ මස 28 වැනි දින දක්වා දිවයින පුරා සෑම නගරයකම දහස් සංඛ්‍යාත ජනතාව එක්වී මහජන අරගලයට සහා දක්වමින් විරෝධතාවල නිරතවීමට තීරණය කර ඇතැයි 'වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව' වෙනුවෙන් රවි කුමුදේශ් කීය.

අප්‍රේල් 28 දින දීප ව්‍යාපත්ත වර්ජනයක් ක්‍රියාත්මක කරමින්, රජය ජන මතයට ගරු කරමින් තීන්දු ගන්නාතෙක් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළඹීමටද වෘත්තීය සමිති ඒකමතිකව තීරණය කර තිබේ.


ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අදත් ගෝඨාගෝගම විරෝධතාවේ



ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් ඉවත්වීම, අගමැතිවරයා ප්‍රමුඛ ඇමති මණ්ඩලය ඉවත්වීම ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් ඉල්ලා කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවට අදට දින 11 ක් සම්පූර්ණ වේ.

දින කිහිපයක නිවාඩුව අවසන් වූවද, ගාලු මුවදොර නිර්පාක්ෂික අරගලයට එක්වන ජනතාවගේ අඩුවක් අද දිනයේත් දක්නට නොලැබිණ.

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ප්‍රධාන පිවිසුම ඉදිරිපිට සිට ජනතාව සිය අඛණ්ඩ විරෝධය පළ කරමින් සිටිති.

 

 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්