ජනාධිපතිවරයා ගෙදර යැවීම සඳහා දියත් කර තිබෙන නිර්දේශපාලනික අරගලයට, ගාලුමුවදොර අරගල භුමියේ සිට පුර්ණ කාලිනව සහයෝගය

ලබාදෙමින් සිටින ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුට එරෙහි අවලාද මෙහෙයුම ආණ්ඩුවේ මැදිහත්වීම මත සිදුවන්නක් බව අනාවරණය වේ.

 

ඒ අනුව රැට්ටා, මෝටිවේසන් අප්පච්චි හා සන්නා යන අන්වර්ථ නාමයන්ගෙන් සමාජ මාධ්‍ය මෙහෙයුමක දී සිටින සමාජ ක්‍රියාකාරීන් තිදෙනාට එරෙහි මඩ ව්‍යාපාරය හිටපු ප්‍රබල ඇමතිවරු කිහිප දෙනෙකුගෙන් සමන්විතවූ රහස් මාධ්‍ය ඒකකයන් විසින් සිදුකරනු ලැබුවක් බවට තොරතුරු ලැබී ඇත.

කෙසේවුවද අදාල අමාත්‍යවරුන්ට ඊයේ (18) පැවති කැබිනට් සංශෝධනයේදී අමාත්‍ය ධුර නොලැබීමත් සමග ඊයේ පස්වරුවේ සිටම එම මාධ්‍ය ඒකක  විසුරුවා හැරීමට තීරණය කර ඇති අතර ජනාධිපතිවරයා ආරක්ෂා කිරීමට හෝ ඔහුට සහය පලකෙරෙන කිසිඳු සමාජ මාධ්‍ය මෙහෙයුමකට මින් ඉදිරියට මුදල යට නොකිරීමට අදාල අමාත්‍යාවරු තීන්දුකර තිබේ.



කෙසේවුවද ප්‍රකට ව්‍යාපාරිකයකු විසින් නඩත්තුකරන සමාජ මාධ්‍ය ජාලයක් ආණ්ඩුවට එරෙහි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඉලක්ක කර ගනිමින් තවදුරටත් මඩ මෙහෙයුම් වල නිරතව සිටින බව වාර්තාවේ.


ජන අරගලයට ජනතා ප්‍රසාදය අහිමි කිරීමේ සැලසුමක් !


මේ අතර ජන අරගලයට සහය පළකරන්නන් ලෙස ඔත්තු කරුවන් අරගල භූමියට යවමින්, ඔවුන්ලවා කුණුහරුප, ජාතිවාදී, ආගම්වාදී ප්‍රකාශ කියවමින් මෙම අරගලය කෙරෙහි ජනතාව තුළ ඇති ප්‍රසාදය නැති කිරීමේ මෙහෙයුමක් ද ආණ්ඩුවේ ආරක්ෂක අංශ මැදිහත්වීමෙන් මේවනවිට ක්‍රියාත්මක වන බවට ද තොරතුරු ලැබෙමින් පවතී.

මේවනවිට අන්තර් ජාලයට මුදා හැර ඇති පහත වීඩියෝව ආණ්ඩුවේ මැදිහත්වීම මත සංස්කරණය හරිනු ලැබුවක් බව වාර්තාවේ. ජාතිවාදී කෝලාහලයක් ඇති කිරීම මෙහි මුලික අරමුණ වී ඇතැයි ද පැවසේ.

 

 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්