1200 x 80 DMirror

නිර්දේශපාලනික ජන අරගලයට සහය පලකිරීමේ අරමුණින් යුතුව අප්‍රේල් 21දා සංවිධානය කෙරෙන 'අපේක්ෂාවේ සත්‍යක්‍රියාව'ට ආණ්ඩුවේ පාර්ශ්වයෙන්

දිගින් දිගටම බාධාකිරීම් සිදුවෙමින් තිබෙන බව 'රැඩිකල් මැද සාමූහිකය' කියා සිටියි.

එම සත්‍යක්‍රියාව කොළඹ නිදහස් චතුරශ්‍රය අභියස පැවැත්වීමට සැලසුම්කර ඒ පිළිබඳව අවසර ලබාගැනීමට කටයුතු කර තිබුනද අවසන් මොහොතේ එම ස්ථානය ලබාදිය නොහැකිබව සංස්කෘතික අමාත්‍යංශ බලධාරීන් දැනුම් දී ඇත.

 

ඒ අනුව 'අපේක්ෂාවේ සත්‍යක්‍රියාව' අප්‍රේල් 21දා පස්වරු 5.00 සිට 7.00 දක්වා විහාර මහා දේවි උද්‍යානය (නෙළුම් පොකුණ ඉදිරිපිට) දී පැවැත්වීමට 'රැඩිකල් මැද සාමූහිකය' තීන්දු කර ඇත. සුදු පැහැති ඇඳුමින් සැරසී මෙම අවස්ථාවට සහභාගී වන මෙන් 'රැඩිකල් මැද සාමූහිකය' ගෞරවයෙන් ඉල්ලා සිටියි.

 

අප්‍රේල් මස 21 වන දාට යෙදෙන මංගල සමරවීරයන්ගේ ජන්ම දිනය වෙනුවෙන් ඔහු ප්‍රාර්ථනා කළ රට නිර්මාණය කිරීම උදෙසා කුඩා පියවරක් වශයෙන් එම සත්‍යක්‍රියාව පැවැත්වෙන බව 'රැඩිකල් මැද සාමූහිකය' කියා සිටියි.

වීදි බැස ඇති සුවහසක් පුරවැසියන්ගේ සාධාරණ ඉල්ලීම් අනුව රාජපක්ෂ ක්‍රමය අවසන් කිරීමත්, පුරවැසියාට වග කියන ගෞරවනීය රජයක් ඇති කරගැනීමත් අභිලාෂය කරගත් දේශපාලන සහ සිවිල් සංවිධාන නියෝජිතයන් අතර සම්මුතියක් ගොඩනගා ගැනීමත් මෙහි මුලික අරමුණ වී තිබේ.

'රැඩිකල් මැද සාමූහිකය' 'සැබෑ දේශප්‍රේමී' අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා මංගල සමරවීරයන් විසින් ආරම්භකළ දේශපාලන මෙහෙයුමකි.



 



 


 

Leader Whats app

 

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය