1200 x 80 DMirror

 
 

රඹුක්කන නගරයේ අද පැය 15කට අධික කාලයක් පැවති විරෝධතාවය විසුරුවාහැරීමට පොලිසිය වෙඩි තැබූ

බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව බීබීසී සිංහල සේවයට පැවසීය.

 මේ අතර කෑගල්ල රෝහලේ ප්‍රකාශකයකු පැවසුවේ එක් තුවාලකරුවකු ජිවිතක්ෂයට පත්වූ බවයි.

රඹුක්කන විරෝධතාවයේදී වෙඩි වැදීම් තුවාල ලැබු පුද්ගලයෙකු මිය ගොස් තුවාල ලැබු 12 දෙනෙකු කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් අධ්‍යක්ෂවරිය සදහන් කළාය. තුවාල ලැබු දෙදෙනෙකු සැත්කම්වලට ලක්කරමින් ඇතැයි ඇය සඳහන් කළාය.

ඉන්ධන මිල ඉහළ දැමීමට සහ ඉන්ධන හිඟයට එරෙහිව දිවයිනේ ප්‍රදේශ රැසක අද (අප්‍රේල් 19) විරෝධතා පැවැත්වුණි. ඒ රඹුක්කන, හිඟුරක්ගොඩ, බද්දේගම, දිගන, ගම්පොළ, රත්නපුර, සහ තෙල්දෙණිය යන ප්‍රදේශවලයි.

රඹුක්කන නගරයෙන් දුම්රිය මාර්ගය අවහිර කිරීම නිසා එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයේ ප්‍රමාදයක් ද ඇතිවිය.

ඊට අමතරව රඹුක්කන නගරයේ කඩ සාප්පු සහ ව්‍යාපාරික ස්ථාන රැසක් ද මෙම විරෝධතාවන්ට සහාය පළකරමින් වසා දමා තිබේ.

රඹුක්කන දී පොලීසිය විරෝධතාකරුවන්ට වෙඩි ප්‍රහාර එල්ල කළේ ය. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ විරෝධතාකරුවන් දොළොස්දෙනෙකු රෝහල්ගත කර ඇත.

xdsb

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ රඹුක්කන දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ විරෝධතාවේ නිරත පිරිස විසුරුවා හැරීමට වෙඩි තැබූ බව යි.

විරෝධතාකරුවන් වෙත කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කළ අවස්ථාවේ ඔවුන් පොලිස් නිලධාරීන්ට පෙරලා ගල්මුල් ප්‍රහාර එල්ලකළ බවත්, එවිට පොලිසිය ඔවුන්ට වෙඩි තැබූ බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

විරෝධතාකරුවන්ගෙන් පහර කා තුවාල ලැබූ පොලිස් නිලධාරීන් ද රෝහල්ගත කර ඇතැ යි ඔහු ප්‍රකාශ කළේ ය.



cfhdfgපොලීසිය විරෝධතාකරුවන්ට ජීව උණ්ඩ ප්‍රහාර එල්ල කර ඇත

මාතර, ගාල්ල, අලුත්ගම, පානදුර, අවිස්සාවේල්ල, සහ මාවතගම ප්‍රදේශවල ද මාර්ග අවහිරව ඇත.

මීට අමතරව, අනුරාධපුර නව බස් නැවතුම්පොළ ඉදිරිපිට සිට ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ද ජනතාව අනුරාධපුර නගරයේ විරෝධතාවයක නිරතව සිටියි. ගාල්ල හා මාතර නගරයේ ද මෙවැනි විරෝධතාවක් පැවැත්වේ.


(BBC සිංහල සේවය)

 

 

 



Leader Whats app

 

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්