theleaderlk 01

මහජනයාගේ ප්‍රකෝපකාරී ප්‍රතිචාර, ප්‍රචණ්ඩත්වය දක්වා වර්ධනය තුරු බලා සිටිනවා නම් එහි වගකීමත්

ආණ්ඩුවට භාර ගන්නා ලෙස හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (අප්‍රේල් 19) පාර්ලිමේන්තු විවාදයට එක්වූ අවස්ථාවේදී ය.

එහිදී වැඩිදුරට ත් අදහස් දැක්වූ වීරවංශ හිටපු අමාත්‍යවරයා මෙසේ පැවසිය.

"තමුන්නාන්සේලා අන්ධ, ගොළු, බිහිරි සේ කපුටාස්ගේ කියමන පිළි අරගෙන ඒ අනුව කටයුතු කළා. දිට්ඨ ධම්මවේදනීය කර්මය තමා අද තරුණ, නවක මන්ත්‍රීවරුන්ට ඇමතිකම් දීලා ජ්‍යෙෂ්ඨ කට්ටියට හතර ගාතෙන් පස්ස පැත්තට වැටෙන්න සිද්ධ වුණේ.

ඔය ද්විත්ව රට වැසියාව ගේනකොට ම අපි කිව්වා. එන්නේ නිකම් නෙමෙයි. අද ද්විත්ව රට වැසියා අද සාටකය දාගත්ත මිනිහෙකුට පාරට බහින්න බැරි තත්ත්වයක් ඇති කරලා තියෙනවා. තාමත් තමුන්නාන්සේලා අන්ධ, ගොළු, බිහිරි සේ ඉන්නවා.

ඒ නිසා අද ඇති වෙලා තියෙන අර්බුදයෙන් වගකීමෙන් තමුන්නාන්සේලාට ගැළවෙන්න බෑ. මාර්තු 2 වන දා අපි මේ ගැන රටට කිව්වා. ඇතුළේ කතා කළාට ඇහුවේ නෑ. 3 වන දා මාවයි ගම්මන්පිල මන්ත්‍රීවරයාවයි අයින් කළා. බොහෝ ම ස්තුතියි!

අප්‍රේල් 3 වන වෙනකොට පෙරේතයා පොළොවේ ගැහුවා වගේ අර කපුටත් නෑ, තමුන්නාන්සේලාට තිබ්බ පට්ටමත් නෑ. ඔක්කො ම දැන් ඉන්නවා හද්ද අනාථ වෙලා.

 

අපිට පහර දුන්නාට ඒ ආවේගයෙන් ප්‍රතිප්‍රහාර දෙන්නේ නෑ. අපි මොන වෙනස්කම් තිබුණත් අදවත් යථාර්ථයට හිස නවන්න. එහෙම නැත්නම් මහජනයාගේ ප්‍රකෝපකාරී ප්‍රතිචාර ප්‍රචණ්ඩත්වය දක්වා යනකල් බලාගෙන ඉන්නවා නම් ඒකෙ වගකීමත් තමුන්නාන්සේලා භාර ගන්න."

 

 

  


Leader Whats app