සීනි බද්ද අඩු කිරීමේ සහනය ජනතාවට ලැබී නොමැති බව පවසන ජාතික විගණන කොමිසම,

සීනි බද්ද අඩු කිරීම මගින් රජයට අහිමි වූ බදු ආදායම, එම වාසිය ලබාගත් පාර්ශවයන්ගෙන් නැවත අය කර ගත යුතු බවට රජයට නිර්දේශ කර තිබේ.

එම කොමිසම මෙම නිර්දේශය කර ඇත්තේ සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට ශත 25ක් දක්වා අඩු කිරිමෙන් බලාපොරොත්තු වූ සහනය පාරිභෝගික ජනතාවට ලැබීම පිළිබඳව අධ්‍යයනය කිරිම සඳහා සිදුකළ විශේෂ විගණනයට අදාලවයි.

2020 වසරේ ඔක්තොබර් 14 වැනිදා සිට එතෙක් සීනි කිලෝග්‍රෑම් එකක් මත පනවා තිබූ රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25ක් දක්වා අඩුකිරිමට ආණ්ඩුව පියවර ගත්තේය.

ඒ මොහොතේ වෙළඳපොලේ සිනි කිලෝවක මිල රුපියල් 130 ක් පමණ වූ අතර රජය විසින් රුපියල් 49.75 බදු සහනයත් ලබාදුන්නේ පාරිභෝගිකයාට ඉන් සහනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් බව හිටපු වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කර තිබිණ.


මාස 4කදී මිලියන 16,763ක බදු ආදායමක් අහිමි වෙලා !

ජාතික විගණන කොමිසමේ විගණනයෙදී අනාවරණය වී ඇත්තේ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25ක් දක්වා අඩු කළ 2020 වසරේ ඔක්තොබර් 14 වැනිදා සිට සීනි සඳහා පැවැති පාලන මිල ඉවත් කළ 2021 වසරේ පෙබරවාරි 08 වැනිදා දක්වා වූ මාස 04ක කාලය තුළ පමණක් රජයට රුපියල් මිලියන 16,763ක බදු ආදායමක් අහිමි වී ඇති බවයි.

අදාල කෙටි කාලසීමාව තුළ පමණක් ලංකා සතොස ආයතනය වරින් වර පෞද්ගලික අංශයේ ආනයනකරුවන්ගෙන් වැඩි මිලට සීනි මිලදීගෙන අඩු මිලට අලෙවි කිරීම මගින් රුපියල් මිලියන 102ක පමණ අලාභයක් වාර්තා කර තිබුබව ආණ්ඩුවේම මාධ්‍ය ප්‍රකාශකර තිබිණ.

ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙන්නේ 2020 වසරේ ඔක්තොබර් සිට 2021 වසරේ පෙබරවාරි දක්වා වූ මාස කිහිපය තුළ පමණක් පිරමිඩ් විල්මා සමාගම  සිනි ආනයනය 1,222%කින් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවය.



ශ්‍රී ලංකාවේ මාසික සීනි පරිභෝජනය මෙට්‍රෙක් ටොන් 40,000 ත් 50,000 ත් වේ. මෙරටට සීනි ආනයනය කරන සමාගම් විසින් අදාල මාස 4 තුල සීනි මෙට්‍රික් ටොන් 3,25,000 ක් ආනයනය කර තිබෙන අතර ඉන් සීනි මෙට්‍රික් ටොන් 1,25,000ක් ආනයනය කර ඇත්තේ පිරමිඩ් විල්මා සමාගමයි. ප්‍රතිශතයක් ලෙස එය 40%ක ප්‍රමාණයකි.  



පිරමිඩ් විල්මා සමාගම විසින් එසේ ආනයනය කළ සීනි මෙට්‍රික් ටොන් 1,25,000ක ප්‍රමාණයෙන් මෙට්‍රක් ටොන් 75,000ක් මෙරට අනෙකුත් තොග වෙළඳුන්ට විකුණා ඇතැයි ද වාර්තාවේ. අනෙකුත් සිනි අනයනයකරුවන්ට ඒ මොහොතේ තමන්ගේ සීනි ද ආනයනය කරගෙන ඇත්තේ පිරමිඩ් විල්මා සමාගමේ නැව්  මාර්ගයෙනි.


ව්‍යාපාරිකයින් කීපදෙනෙකු පමණක් වාසියක් උදාකර ගෙන !

මෙලෙස සීනි සඳහා වූ බදු අඩු කිරීමෙන් රජය අපෙක්ෂා කළ පාරිභෝගික සහන සැලසිමේ අරමුණ යටපත් වී ආනයනකරුවන් සහ වෙළෙඳුන් කිහිප දෙනෙකු පමණක් ආර්ථික වාසියක් උදාකර ගෙන ඇතැයි විගණන කොමිසම තවදුරටත් අනාවරණය කර තිබේ.

විගණන කොමිසම නිර්දේශ කර ඇත්තේ සීනි සඳහා වූ බද්ද අඩු කිරීමට සාපෙක්ෂව එම වාසිය පාරිභෝගිකයින් වෙත විතැන් නොකර තමන් අත රඳවා ගත් පාර්ශව නිසි පරිදි හඳුනාගෙන එම ආර්ථික වාසිය ජනතාවට ලබාදීම පිළිබඳව අවධානය යොමු කිරීමත්, එසේ නොමැතිනම් රජය කැප කළ බදු අදායම තමන් වෙත රඳවා ගත් පාර්ශවවලින් යළි රජයට ලබා ගැනිමේ හැකියාව පිළිබඳවත් අවධානය යොමු කළ යුතු බවය.

කෙසේවුවද විගණන කොමිසම මෙම නිර්දේශ ඉදිරිපත් කිරීමේදී සීනි ආනයනකරුවන් කැඳවා ප්‍රශ්න කිරීමක් හෝ එම සමාගම්වල ගිණුම් වාර්තා පරික්ෂා කිරීමක් සිදුකර නොමැත.

රජය මේවනවිට පාලන මිල ඉවත් කර ඇතත් සීනි කිලෝග්‍රෑම් එකක් මත පනවා තිබූ රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25ක් දක්වා අඩුකිරිමට ගත් තීන්දුව මෙතෙක් වෙනස් කර නොමැත. 

 

කෙසේවුවද බදු සහනය ලබාදුන් අවස්ථාවේ රුපියල් 130ක් පමණවූ සීනි කිලෝවක මිල මේවනවිට රුපියල් 210ක් දක්වා ඉහල ගොස් තිබේ. ලෝක වෙළඳපොලේ මිලගණන් ඉහළයාම හා රුපියලේ අගය දිනෙන් දින අවප්‍රමානයවිම ඊට බලපෑ ප්‍රධාන සාධක වී ඇත.


ජවිපෙ නඩු මගට ..

මේ අතර සීනි ගනුදෙනුවේදී රජයට හා පාරිභෝගික ජනතාවට බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි පවසමින් සජබ මන්ත්‍රීවරුන් වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ මයන්ත දිසානායක යන මන්ත්‍රීවරුන් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම හමුවේ ගොනුකළ පෙත්සමක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවිය.  

ඒ අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ මානව හිමිකම් පෙත්සම ජුලි 27 දා සලකා බැලීමට නියමිතය.  

 


Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්