අද රට තුළ පවතින තත්ත්වය ඉතා භයානක බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අනතුරු අඟවා සිටිනවා.

 

ඊයේ (19) දින රඹුක්කන ප්‍රදේශයේ ඇතිවූ ගැටුම්කාරී තත්වය පිළිබඳ අදහස් දක්වමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (20) පාර්ලිමේතුවේ දී මේ බව කියා සිටියේය.
 
රඹුක්කන සිදුවීම ගැන සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් කැඳවිය යුතු බවට ද එහිදී ඔහු කතානායකවරයා ගෙන් ඉල්ලා සිටියේ ය. 

"අද රටේ තියෙන තත්ත්වය භයානකයි. අපි තීරණය කළ යුතුයි මොකද්ද අපි කරන්නේ කියලා. අද පැතිරෙන්න පුළුවන්. මට ආරංචි වෙලා තියෙනවා එක එක ප්‍රදේශවලට මේක පැතිරෙන්න පුළුවන් කියලා. අපි ඒ ගැන කතා කරන්න ඕනේ. අපිට තියෙන විකල්ප සීමාවෙලා තියෙන්නේ. මම මියගිය පුද්ගලයාගේ භාර්යාවටත් කතා කළා. ඒ පවුල ගැනත් අපිට වැඩකටයුතු කරන්න තියෙනවා."

 
 
 

රඹුක්කන සිදුවීම ගැන අගමැති

 

රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාවක් අතරතුර පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් නිකුත්කර තිබෙනවා.

Screenshot 20220420 101442 Twitter

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සාධාරණ පරීක්ෂණයක් සිදුකරනු ඇතිබවට එමගින් විශ්වාසය පළකර ඇත.

විරෝධතාකරුවන්ද සිය සිවිල් අයිතීන් පාවිච්චි කිරීමේදී සමාන ගරුත්වයකින් සහ පිලිගැනීමකින් යුතුව කටයුතු කරන ලෙස ද එමගින් ඉල්ලා තිබේ.

 
 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image