theleaderlk 01

රටේ ම මාර්ග අවහිර කර බඩු මිල ඉහළ දැමීමට එරෙහිව ජනතාව අරගල කරන අතර තුර ආණ්ඩුව පසුගිය දින දෙක තුල රු. බිලියන 20.82 ක් අච්චු ගසා

ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පවසයි.

එයින් රු. බිලියන 19.60 ක් අච්චු ගසා ඇත්තේ රඹුක්කන විරෝධතාකරුවන්ට පන්න පන්නා වෙඩි තබන අතරතුර අප්‍රේල් 19 (ඊයේ) දිනයේ ය. අප්‍රේල් 18 දින රු. බිලියන 1.22 ක් අච්චු ගසා තිබුණි.

හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් එම කරුණු සඳහන් කර ඇත්තේ, මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි. එහි මෙසේද සඳහන් වේ.

''ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය නායකයා බවට පත්වීමෙන් පසුව 2020 ජනවාරි සිට මේ දක්වා රු. බිලියන 1799.09 ක් අච්චු ගසා ඇත.

ජාත්‍යන්තර ආයතනයන් හි ගණන් බැලීම අනුව ශ්‍රී ලංකාවේ වත්මන් උද්ධමනය 74% කි.  

ඉන්ධන, ගෑස් පමණක් නොව පාන් ගෙඩියේ, තේ කෝප්පයේ, පාන් පිටි ටිකේ මිල ඉහළ යන්නේ ද, කිසිදු පාලන මිලක් නොමැති ඖෂධ මිල ඉහළ යමින් රෝගීන් මිය යමින් තිබෙන්නේ ද, රජයේ අදූරදර්ශී සහ සීමාවක් නොමැති මුදල් අච්චු ගැසීම නිසාය.''

Leader Whats app