මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත්වන්නේ නම්, නව අගමැතිවරයකු යටතේ කැබිනට් මණ්ඩලයට එක්වීමට සුදානම් බව පාර්ලිමේන්තුව තුළ

ස්වාධීනව සිටින මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිතයින් කිහිප දෙනෙකු ජනාධිපතිවරයා වෙත දැනුම්දී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

අගමැති ධුරයෙන් ඉඅවත්වන ලෙස මහින්ද රාජපක්ෂට මේ මොහොතවනවිට මහ සංඝ රත්නයෙන් ද බලපෑම් එල්ලවෙමින් තිබෙන බව එම ආරංචි මාර්ග කියා සිටියි.


මේ අතර එම ස්වාධින මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසුයේ, පාර්ලිමේන්තුවේ ස්වාධීන පිරිසකට කැබිනට් මණ්ඩලය බාර දෙන ලෙසයි.

ආණ්ඩුව වහාම ඉවත්වී අන්තර්වාර පාලනයකට ඉඩකඩ ලබාදිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

මේ රාජපක්ෂවරුන්ගේ රටක් නොවන බවත් පවුල් පාලනයකට රට බාරදී බුදිය නොගන්නැයි ඉල්ලා සිටින බවත් ඔහු කීවේය.

ආණ්ඩු පක්ෂය පැත්තට වඩා විපක්ෂය පැත්තේ රට කළ හැකි හොඳ අය සිටින බවද අනුර ප්‍රියදර්ශන යාපා පැවසීය.

 

මේ ආණ්ඩුව නිලධාරීන්ට වැරදි ආකාරයට වැඩ කිරීමටදී බලා සිටි බව සඳහන් කළ මන්ත්‍රීවරයා, සියලු ප්‍රශ්නය ඇතිවුණේ ඒ නිසා යැයිද සඳහන් කළේය.

 

හැංගිලා සිටිමින් මේ ප්‍රශ්නය විසඳිය නොහැකි බවත් ප්‍රශ්නය දුරදිග යෑම නිසා අද මන්ත්‍රීවරුන්ගේ ගෙවල්වලට ගල් ගහන තත්වයක් ඇතිවී තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ආණ්ඩුවට ඥානය පහළ වේවායි යැයි  තමා ප්‍රාර්ථනා කරන බව යාපා මහතා වැඩිදුරටත් පැවසීය.

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්