CWC සභාපති සෙන්දිල් තොණ්ඩමාන්

 

රටේ උද්ගතව ඇති සියලු ගැටළුවලට හේතුව තවදුරටත් පවත්වා ගෙන යනු ලබන විධායක ජනාධිපති ක්‍රමය බවට ආණ්ඩුවෙන් ඉවත්වූ කඳුකරයේ දේශපාලන පක්‍ෂයක් පෙන්වා දී තිබේ.
 
''ජනතාව සහන ඉල්ලා කරන නැගිටීම් වලට ජනාධිපති නිසි අවධානයක් යොමු කරන බවක් පේන්න නැහැ. එහෙම වෙලා තියෙන්නේ අසීමිත බලතල තියෙන මේ විධායක ජනාධිපති ක්‍රමය නිසා,'' යැයි ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්දිල් තොණ්ඩමාන් පවසයි.
 
කඳුකරයේ මාධ්‍යවේදීන් හමුවේ සෙන්දිල් තොණ්ඩමාන් කියා සිටියේ ඇමැතිවරු හෝ නිලධාරින් මාරු කිරීමෙන් පවතින අර්බුදයට විසදුම් නොලැබෙන බවයි.
 
''ඇමතිවරු මාරු කරලා ජනතාවට කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ. ඉතිහාසයේ කවදාවත් නැති ආකාරයේ ආර්ථික අර්බුදයක් අද ඇතිවෙලා තියෙන්නේ. තවදුරටත් ජනතාවට හානි කරන්නේ නැතිව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනෑ.''
 
රාජපක්‍ෂ ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂයක් ලෙස සිටී ලංකා කම්කරු කොංග්‍රසය පසුගිය දා සිය ඇමැති තනතුරු අත්හැර පාර්ලිමේන්තුව තුල ස්වාධීනව විය. 

කැබිනට් මණ්ඩල සංශෝධනයේදී ඇමැතිධුරයක් ලබා ගන්නා ලෙස ආණ්ඩුව කළ ඉල්ලීමද ප්‍රතික්ෂේප කර ඇත.
 
 
 
සතියකට වැඩි කාලයක් ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ යෙදෙන  තරුණ තරුණියන්ගේත්, රටපුරා අනෙකුත් තැන් වල කෙරෙන ජනතාවගේ උද්ඝෝෂණයන් වල ඉදිරිපත් වන ඉල්ලීම් ගැන අවධානය යොමු නොකිරීම ගැන සී.ඩබ්ලිව්.සී. නායකයාගේ දෝෂාරෝපණය ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට එල්ලවිය.
 
 
 
'' ඉන්ධන සහ ගෑස් වල මිල ඉහළ දමලා වගේම ඒවායේ හිඟයක් තියෙනවා. අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දවසින් දවස ඉහල යනවා. විදුලිය කප්පාදුව හැමදාම තියෙනවා. මිනිස්සු පෝලිම් වල. මොනම දෙයක්වත් මිනිස්සුන්ට මිලදී ගැනීමේ හැකියාවක් නැහැ.''
 
'' මේ අර්බුද වලට විසදුම් නැති ආණ්ඩුවෙන් ජනතාව ඉල්ලන්නේ ගෙදර යන්න කියලා,'' යැයි පවසන සෙන්දිල් තොණ්ඩමාන් අවධාරණය කරන්නේ ඊට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු ආණ්ඩුව කන් දිය යුතු බවයි.
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්