1200 x 80 DMirror

නිර්පාක්ෂික ජන අරගලයට සහය පලකිරීමේ අරමුණින් යුතුව අද (අප්‍රේල් 21) පස්වරුවේ විහාර මහා දේවි උද්‍යානය

(නෙළුම් පොකුණ ඉදිරිපිට) දී පැවති 'අපේක්ෂාවේ සත්‍යක්‍රියාව' ට දේශපාලන ලක්ෂ නායකයින් රැසක් එක්ව සිටියේය.

අද (21) දිනට දී තිබු හිටපු අමාත්‍ය මංගල සමරවීරයන්ගේ ජන්ම දිනය පාදක කර ගනිමින් 'රැඩිකල් මැද සාමූහිකය' විසින් මෙම සත්‍යක්‍රියාව සංවිධානය කර තිබිණ.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්, 43 සේනාංකයේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමාන්, දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න, එක්සත් සමාජවාදී පක්ෂයේ ලේකම් සිරිතුංග ජයසුරිය ඇතුළු දේශපාලන පක්ෂ නායකයින් සමග එම පක්ෂවලදේශපාලන නායකයෝ රැසක් ද කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

එසේම, රවී කුමුදේශ් ඇතුළු වෘත්තීය සමිති නායකයින් රැසක් ද බුද්ධදාස ගලප්පත්ති ඇතුළු කළා ශිල්පින් රැසක්ද පුරවැසි බලයේ ගාමිණී වියන්ගොඩ ඇතුළු සිවිල් සංවිධාන නායකයින් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

21 1

21 2



සත්‍යක්‍රියාවේදී ප්‍රකාශිත සම්මුතියේ යෝජනා 15


රාජපක්ෂවාදය අවසන් කිරීම ඇතුළු මුලික සම්මුති 15ක් ප්‍රකාශයට පත්කරමින් මෙම සත්‍යක්‍රියාව පැවැත්විණි. එසේ ප්‍රකාශිත සම්මුතියේ යෝජනා පහත දැක්වේ.

1- රාජපක්ෂවාදය අවසන් කිරීම.

2- 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර සුදුසු සංශෝධන සහිතව 19වන සංශෝධනය යළි පැනවීම.

3- රාජපක්ෂ විරෝධී පක්ෂ එකමුතුවෙන් නිශ්චිත කාලයක් සඳහා  අන්තර්වාර පාලනයක් ඇති කිරීම.

4- සියලු ජාතීන්ට, ආගම්වලට සහ ලිංගිකත්වයන්ට සම අයිතිය ලැබෙන ශ්‍රී ලාංකේය සමාජයක් පිලිගැනීම.

5- ආර්ථික අර්බුදයට සාමූහික එකඟතාවයෙන් කඩිනම් විසඳුම් සෙවීම

6- ඖෂධ, අත්‍යාවශ්‍ය ආහාර, විදුලිය, ගෑස් පොහොර සහ අනෙකුත් කෘෂිකාර්මික යෙදවුම් සහ කාර්මික යෙදවුම් ප්‍රමාණවත් ලෙස අඛණ්ඩව සැපයීම සහතික කිරීම.

7- අර්බුදය හමුවේ දිළිඳු ජනතාවගේ සමාජ සුරක්ෂිතභාවය සහතික කිරීම.

8- පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ සහ පක්ෂවල  වත්කම් බැරකම් ජනතාවට දැනගැනීමේ අයිතිය ලබාදීම.

9- රාජ්‍ය ආයතනවල සියලු ගනුදෙනු විගණනයට යටත් කිරීම

10- මානව අයිතීන් සහ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කිරීම.

11-නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම.

12-වංචා දූෂන සහ පාස්කු අපරාධ සම්බන්ධ චෝදනා නීත්‍යානුකූලව විමර්ශනය කොට දඬුවම් ලබාදීම.

13- දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම

14- ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම

15- පුරවැසියන්ගේ මතය ඉදිරිපත් කිරීමට සහ පුරවැසි සහභාගීත්වය තහවුරු කිරීම සඳහා  පුරවැසි වේදිකාවක් පිහිටුවීම

 

 

\

 

 

 


Leader Whats app

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය