1200 x 80 DMirror

ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය ගොඩහේවා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.



ඔහු ජනමාධ්‍ය කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ අප්‍රේල් 18 වනදා ය.

රටේ ජනතාව විශාල ආර්ථික පීඩනයකට හා අසහනයකට ලක්වී ඇති අවස්ථාවක රට ගොඩ ගැනීමට අත්‍යාවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය ගොඩනැගීමට ඇති එකම මග අග්‍රාමාත්‍ය වරයා ඇතුලු කැබිනට් මන්ඩලය ඉල්ලා අස්වී, පාර්ලිමේන්තුව තුලින් තෝරාපත්කරගන්නා අන්තර්වාර ආන්ඩුවකට රට බාර දීම බවත් ඒ සඳහා පූර්වාදර්ශයක් සපයමින් තම කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙන බවත් ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා අප්‍රේල් 20 දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලිපියකින් දන්වා ඇත.

ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීමේ ලිපිය බාරගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඉදිරියේදී තවත් වෙනස් කම් සිදු කොට ජනතාවට පිළිගත් හැකි පිරිසිදු පාලනයක් ඇතිකරනා බව ඔහුගේ ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා පවසා ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

අචාර්ය නාලක ගොඩහේවා සිය කැබිනට් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
 

 

 

 


 

Leader Whats app

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය