ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිගින් දිගටම විස්වාසය කඩකරමින් සිටින අයකු බැවින්, මින් ඉදිරියට ඔහුව විශ්වාස කර කිසිඳු දේශපාලන තීන්දුවක් නොගැනීමට අගමැති මහින්ද රාජපක්ෂ හා හිටපු අමාත්‍ය නාමල්

රාජපක්ෂ දැඩි තීන්දුවක් ගෙන ඇතැයි අරලියගහ මන්දිර ආරංචිමාර්ග පවසයි.

ආණ්ඩුව තුල ඇති අර්බුදය සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයින් අතර හටගෙන ඇති මතගැටුම් පිළිබඳව සාකච්ජා කිරීමට ජනාධිපතිවරයා විසින් ඊයේ රාත්‍රී 7.00ට නාමල් රාජපක්ෂව කැඳවා තිබු නමුත් නාමල් මන්ත්‍රීවරයා ඊට සහභාගී නොවුබව අගමැති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත් කර ඩලස් අලහප්පෙරුම හෝ රමේෂ පතිරණ අගමැති කරවීමේ 'කුමන්ත්‍රණය' පැහැදිලිවම ජනාධිපතිවරයාගේ ආශීර්වාදය යටතේ සිදුවන්නක් බව අගමැතිවරයාගේ පවුලේ සාමාජිකයින්ගේ අදහසවී ඇති බවත්, එම මෙහෙයුමට මහින්දානන්ද අලුත්ගමගේ හා අනුර ප්‍රනාන්දු සම්බන්ධ බවට සැකයක් මතුව ඇතිබවත් එම නිලධාරියා කියා සිටියේය.

කෙසේවුවද කුමන බලපෑම් එල්ලවුවද අගමැති ධුරයෙන් ඉල්ලා අස්නොවිමට තීරණය කර ඇති මහින්ද රාජපක්ෂ අගමැතිවරයා, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකර යලි 19 වන ව්‍යවස්ථා ගෙන එමින් ජනාධිපති සතු බලතල කප්පාදු කිරීමට තීරණය කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් වූ යෝජනාව මීළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

  

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්