ජනතාවගේ බදු මුදලින් ඉඳිකළ ගොඩනැගිලි හෝ වෙනත් ව්‍යාපෘති විවෘත කිරීමට මින්පසු මැති ඇමතිවරුන්ට
ඉඩ නොදිය යුතු බවට සමාජ මාධ්‍ය හරහා මතයක් ගොඩනැගෙමින් තිබේ.
ඒ අනුව, මතුගම නගරයේ ඉඳිකළ පදික උමං මාර්ගය නගරයේ වෙළඳ ප්‍රජාව සහා තරුන පිරිස එක්කව පෙරේදා (21) ජනතා අයිතියට පත්කෙරුනි.
මෙහි විශේෂත්වය වනුයේ ජනතාවගේ බදු මුදලින් ඉදිකල මෙම උමං මාර්ගය ජනතාව විසින්ම ජනතා අයිතියට පත්කිරීමයි.
එහිදි ජනතාව ප්‍රකාශකර සිටියේ වෙනස මතුගමින් පටන්ගත් බවත් මැති ඇමතිවරුන්ට සහා වෙනත් ප්රභූන්ට ජනතාවගේ මුදලින් ඉදිකල ගොඩනැගිලි හෝ ව්‍යාපෘති විවෘත කිරීමට මින්පසු ඉඩ නොදිය යුතු බවත් ය.
වෙනස මතුගමින් ආරම්භ කළ බවත් අනිත් පළාත්වල ද මෙය ක්‍රියාත්මක විය යුතු බවත් ඔවුන් ප්‍රකාශ කර සිටියහ.
අවුරුදු 3 ක පමණ කුඩා දරුවෙකු අතින් මෙම උමං මාර්ගය ජනතා අයිතියට පත් කෙරුණි.
මේ සදහා වියදම් කර ඇති මුදල මිලියන 40 ත් 50 ත් අතර වන බව සඳහන් වේ.
(lankacnews.com)