අගමැතිවරයාගේ නිල නිවාස වන අරලියගහ මැදුරේ ප්‍රධාන ගේට්ටුව ඊයේ (23) දිනයේ සුදු කොඩිවලින් සරසා තිබිණ.



ගාලුමුවදොර විරෝධතාවේ යෙදී සිටින අරගලකරුවන් පිරිසක් විසින් එම සුදු කොඩි මෙහෙයුම සිදුකර ඇත. ඒ, රඹුක්කන නගරයේ පැවැති ආණ්ඩු එරෙහි විරෝධයෙන් මියගිය චමින්ද ලක්ෂා සිහිපත් කරමිනි.

අරලියගහ මන්දිරයේ ප්‍රධාන ගේට්ටුව අවහිර වන අයුරින්  මල්වඩම් තබා තිබිණි.

.


අරලියගහ මන්දිරයේ ප්‍රධාන ගේට්ටුවේ එසේ මල්වඩම් තැම්පත්කර සුදු කොඩිවලින් සරසා තිබීම සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තාවීමත් සමග ඇතැම් පුද්ගලයින් කිසියම් නොසන්සුන්තාවයට පත්ව තිබිණ.

ඒ අනුව අගමැතිවරයා සුවෙන් සිටිනා බව සඳහන් කරමින් අගමැති මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත්කර ඇත.

278853391 540297570990116 3112947973663992808 n 

 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්