ආණ්ඩුවට එරෙහිව ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන උද්ඝෝෂණයට සමගාමීව අද (24) දින පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් රාජ්‍ය දේපල

වලට හානි සිදු වීමට ඉඩ ඉඩකඩ ඇති බැවින් එය නවතා දමන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි කොළඹ කොටුව පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. ප්‍රභාකරන් විසින් ඊයේ (23) ප්‍රතික්ෂේප කළේය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් වැළැක්වීම සඳහා තමන්ට නියෝග නිකුත් කළ නොහැකි යැයි සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා උද්ඝෝෂණකරුවන් මහජන පිහිටා ඇතිවන ආකාරයෙන් හෝ රාජ්‍ය දේපලවලට හානි සිදු කරමින් උද්ඝෝෂණයේ නිරත වුවහොත් පොලිස් බලතල පාවිච්චි කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා මෙහිදී පොලිසියට දැනුම් දුන්නේය.

1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106 (01) වගන්තිය ප්‍රකාරව වගඋත්තරකරුවන් 16 දෙනෙකුට එරෙහිව කොළඹ කොටුව පොලීසිය අධිකරණයෙන් මෙම ඉල්ලීම ඉල්ලා තිබුණි.

අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි, නිදහස් අධ්‍යාපනයක් උදෙසා සිසු ජන ව්‍යාපාරයේ කැදවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි, හෝමාගම පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ කුබල්වෙල විජිතනන්ද හිමි, අග්නිදිග විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ටෙරන්ස් අන්ජන රොද්‍රිගෝ, නැගෙනහිර විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමත් රන්දිම, කැළණිය විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ශිහාන් සාලින්ද, විවෘත විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති රවිදු ලක්ශාන්, වයඹ විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය සංගමයේ සභාපති කසුන් අවිශ්ක, රජරට විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හේශාන් හර්ෂණ, පේරාදෙණිය විශ්ව විශ්වවිද්‍යාල කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති ලහිරු ප්‍රනාන්දු, අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ගණකාධිකරණ පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුවේ කැඳවුම්කරු තරිදු ප්‍රසාද්, යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය එකමුතුවේ සංවිධායක ප්‍රශාන් ප්‍රශාන්ත් ශෙට්ටි, පේරාදෙණිය විශ්වවිද්‍යාල සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති දේවින්ද මුහන්දිරම්, විවෘත විශ්වවිද්‍යාල ආදි විද්‍යාඥයින් ගේ ක්‍රියාකාරී සාමාජික උදාර සඳරුවන්, සබරගමුව විශ්ව විද්‍යාල ආදි විද්‍යාර්ථීන්ගේ ක්‍රියාකාරී සාමාජික මනෝජ් රණසිංහ, අන්තර් විශ්ව විශ්වවිද්‍යාලීය විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ වෙනත් තැනැත්තන් වෙත මෙම නියෝගය නිකුත් කරන ලෙසට කොටුව පොලිසිය අධිකරනයෙන් ඉල්ලා සිටිනු ලැබීය.


''අන්තරයට සම්බන්ධ 1000 ක් දෙනා කොටුව දුම්රිය ස්ථානයේ සිට අරගල භුමියට පැමිණ එහි රැය පහන් කරන්නට සැරසෙනවා.''  




දහසක් පමණ පිරිසක් කැටුව කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල සිට හෝ වෙනත් ස්ථානයක සිට ගාලුමුවදොර උද්ඝෝෂණය පැවැත්වෙන ස්ථානයට පැමිනෙන වගඋත්තරකරුවන් එහි රැය පහන් කිරීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී ඇතැයි කොටුව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

ප්‍රදේශයේ ඇති ප්‍රමුඛ පෙළේ රාජය ආයතන සහ නිල නිවාසවලට බලහත්කාරයෙන් ඇතුළු වීමේ අවදානමක් පවතින බවද බුද්ධි තොරතුරු මගින් හෙළි වී ඇතැයි සඳහන් කළ කොටුව පොලිසිය, එය වළකාලනු පිණිස මෙම නියෝගය නිකුත් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව පහත සඳහන් මාර්ග වලට යොමු වීම සහ එම ප්‍රදේශයේ පවතින කිසිදු රාජ්‍ය ආයතනයකට, නිල නිවාසයකට හෝ දේපළකට ඇතුළු වීම, හානි කිරීම සහ රාජකාරියේ නිරත රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ ප්‍රචණ්ඩකාරී හෝ නීති විරෝධී ක්‍රියාකාරකම් වලින් තොරව කටයුතු කරන ලෙසට වගඋත්තරකරුවන්ට එරෙහිව මෙම ආඥාව නිකුත් කරන්නැයි කොටුව පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

එන්. එච්. ඒ. වටරවුමේ සිට චෛත්‍ය පාර, එන්. එච්. ඒ. වටරවුමේ සිට ජනාධිපති මාවත, සෙරමික් හන්දියේ සිට යෝක් වීදිය, ජී ඕ එච් හන්දිය දක්වා බැංකු මාවත, සෙරමික් හන්දියේ සිට එන් එච් ඒ වටරවුම දක්වා ලෝටස් මාවත, පහල චැතැම් වීදිය, ජී එම් එච් හන්දියේ සිට ප්‍රධාන මාවත සහ ලේ deyen බැස්ටියන් මාවත සහ ලේඩියෙන් බැස්ටියන් මාවත යන ප්‍රදේශවලට උත්තරකරුවන් ඇතුළු පිරිසට ඇතුළුවීම තහනම් කරන ලෙසට ද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා අනාගතයේ පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් තමන්ට කිසිදු නියෝගයක් නිකුත් කළ නොහැකි බව සඳහන් කරමින් පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

කෙසේවුවද පොලීසිය අලුත් බී වාර්තාවකින් කරුණු ගොනු කිරීමට මේ වන විට උත්සහ කරමින් සිටිනබව 'ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය' විධායක අධ්‍යක්ෂවරයා වන රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.


lter 1ltr 2ltr 3

(උපුටා ගැනීම් - lankadeepa.lk)

 

Leader Whats app

 

 


 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්

ඇට මැස්සා