1200 x 80 DMirror

ජන අරගල භුමිය වටකරමින් අද උදැසන සිට පොලිස් මාර්ග බාධක යොදා ඇත.



අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කරන විරෝධතාව ඇතුළු විරෝධතා කීපයක් අද (24) ගාලුමුවදොරට පැමිණීමට නියමිත නිසා පොලිසිය මෙසේ මාර්ග බාධයක යොදා තිබේ.

කොළඹ කොටුව සහ අවට මාර්ග අවහිර වන ලෙස ස්ථිර මාර්ග බාධක ස්ථාපිත කිරීමෙන් වාහන රියදුරෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති.

ලෝටස් පාර සම්පූර්ණයෙන්ම වසා මාර්ග බාධාක ඉදිකිරීමෙන් වාහනවලට කොළඹට ඇතුළු වීමට වෙනත් මාර්ග භාවිතා කිරීමට සිදුව තිබේ.

 

PHOTO 2022 04 24 12 57 41

PHOTO 2022 04 24 12 57 42

PHOTO 2022 04 24 12 57 40

PHOTO 2022 04 24 12 57 40 1

PHOTO 2022 04 24 12 57 42 1

PHOTO 2022 04 24 12 57 38 1

 

ආණ්ඩුවට එරෙහිව ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන උද්ඝෝෂණයට සමගාමීව අද (24) දින පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් රාජ්‍ය දේපල වලට හානි සිදු වීමට ඉඩ ඉඩකඩ ඇති බැවින් එය නවතා දමන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි කොළඹ කොටුව පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. ප්‍රභාකරන් විසින් ඊයේ (23) ප්‍රතික්ෂේප කළේය.

 

kotuwa

මාර්ග හරස් කිරීම ගැන මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් කොටුව පොලිසියට කළ පැමිණිල්ල  

 

ඡායා : උපුටා ගැනුණි


සබැඳි පුවත් :


අන්තරේ දහස් ගණනක් අද අරගල බිමට - අධිකරණය දුන් තීන්දුව මෙන්න

Leader Whats app

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය