මෙරට යොවුන් මලල ක්‍රීඩිකාවක් සියදිවි නසාගෙන තිබේ.



ඇය කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් රැසක් දිනාගත් කෞෂල්‍යා මධූෂානි ක්‍රීඩිකාව බවද පැවසේ.

අන්තර් ජාතික මලල ක්‍රීඩා තරග නියෝජනය කළ ඇය කුලියාපිටි ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි ක්‍රීඩිකාවකි.

ඇගේ මරණය සියදිවි නසාගැනීමක් බව කුලියාපිය පොලීසියද තහවුරු කරයි.

2014 ආසියානු කණිෂ්ට ශූරතාවයේ රිදී පදක්කම, 2016 දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී ලෝකඩ පදක්කම, 2016 මීටර් 400 කඩුලු මතින් දිවීමේ ජාතික ශූරතාවයේ රන් පදක්කම හා 2019 වසරේදී නේපාලයේ පැවැති 13 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ රිදී පදක්කමද ඇය විසින් දිනාගෙන ඇත.

(lankatruth.com)

 

 

 


Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්