රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා තරුණ ප්‍රජාවගේ ද අදහස් හා යෝජනා අත්‍යාවශ්‍ය බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.


ආර්ථික ගැටලුව විසඳීමට තමන් විසින් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනා සඳහා තරුණයින්ගේ සහාය ද අත්‍යවශ්‍ය බව ඔහු කියා සිටියි.

හිටපු අගමැතිවරයා එබව පවසා ඇත්තේ, සමාජ මාධ්‍ය වෙත හඬපටයක් මුදා හරිමිනි.

''මැයි මාසයේදී ඉන්දියාවෙන් ලැබෙන මුදල් අවසාන වෙනවා. අලුතින් ණය ලැබෙන පාටක් අපිට පෙනිලා නැහැ. එහෙනම් ආර්ථික ප්‍රශ්නය තවත් උග්‍රවෙලා විශේෂයෙන්ම ව්‍යාපාර, කඩසාප්පු සියල්ලම වහන තත්ත්වයකට එන්න පුළුවන්. මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදී විසඳන්නට ඕනේ. '' ඔහු එහිදී අවධාරණය කර තිබේ.

මැතිවරණ පැවැත්වීමට මේ අවස්ථාව සුදුසු නොවනබව පවසන හිටපු අගමැතිවරයා, ඒ බැවින් පාර්ලිමේන්තුව මුල්‍ය බලය අතට ගෙන කැබිනට් මණ්ඩලය සමගත්, ඒ වගේම තරුණ හඬ සමගත් එකට එකතුවී වැඩකළ යුතු බවට යෝජනා කර සිටියි.

'' මේ සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් මම පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළා. ඉතින් මම යෝජනා කරන්නේ, අපේ යෝජනා මාලාව තියෙනවා. ඒ අනුවම තමන්ගේ අදහස් සමාජ මාධ්‍යයේ පළකරන්න. මේ අදහස් සතියකින් දවස් 10 කින් දැනගත් විට ඒ අදහසුත් අරගෙන ආපසු මේ යෝජනා සංශෝධනය කරලා සාකච්ඡාවට ඉදිරිපත් කරන්න පුළුවන්." රනිල් වික්‍රමසිංහ තවදුරටත් සඳහන් කර තිබේ.


හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රකාශය පහත පළවේ.


''අපේ ප්‍රධානම ප්‍රශ්න රටේ ආර්ථිකයයි. ගෙදර ආර්ථිකයයි''


''අපේ ප්‍රධානම ප්‍රශ්න රටේ ආර්ථිකයයි. ගෙදර ආර්ථිකයයි. ආහාර ලබා ගන්න ඉන්ධන ලබා ගන්න ගෑස් ලබා ගන්න බෙහෙත් ලබා ගන්න පෝර ලබා ගන්න. මේ ප්‍රශ්න විසදන්න තියනවා. මැයි මාසේදී ඉන්දියාවෙන් ලැබෙන මුදල් අවසාන වෙනවා. අලුතෙන් ණය ලබන පාටක් තවම අපට පෙනිලා නෑ. එහෙම නිවේදන නෑ.

 

ආර්ථික ප්‍රශ්න තවත් උග්‍ර වෙලා විශේෂයෙන් ම ව්‍යාපාර කඩසාප්පු සියල්ලම වහන තත්ත්වකට එන්න පුලුවන්. එහෙනම් මේ ප්‍රශ්නෙ අපිට කල් දාන්න බෑ. මේ ප්‍රශ්නෙ මේ පාර්ලිමේන්තුවේදීම විසදන්න ඕනේ. මැතිවරණ තියන්න වෙලාවක් නෑ.''

 

ඒ නිසා පාර්ලිමේන්තුව මූල්‍ය බලය අරගෙන කැබිනට් මන්ඩලය සමගත් ඒ වගේම මේ තරුණ හඬ සමගත් එකට එකතු වෙලා වැඩකරන යොජනා කිහිපයක්  මම එදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කලා.

එතනින් අපි යෝජනා කලේ මුල්‍ය බලය පාර්ලිමේන්තුවට අරගන්න ඒක ක්‍රියාත්මක කරන්න මුල්‍ය වැඩකටයුතු සදහා කාරක සභා 6 ක් පත් කරන්න.

ඒ වගේම අධීක්ෂණ කාරක සභා 20කට නොවැඩි ප්‍රමාණයක් පත් කරන්නත් යෝජනා කලා.

ඒ සමගම මේ වැඩකටයුතු සම්බන්ධීකරණය කරන්නත් කැබිනට් මන්ඩලයක ක්‍රියා කරන්නත් පක්ෂ නායකයින්ගේ ජාතික කොමිටියක් අපි ඇතුල් කරලා තියනවා.
එහෙනම් මේ යන්ත්‍රණෙන් ක්‍රියා කරන්න.

ඊට අමතරව මේ යන්ත්‍රණය තුල මේ අධීක්ෂණ කොමිටි වලටත් ඒ වගේම මුල්‍ය පාලනය කරන කොමිටි 6 ටත් තරුණ නියෝජිතයන් 3 දෙනා ගානෙ ආරාධනා කරන්නත් අවකාශය තිබෙනවා. ඒක කළ යුතුයි.

දැන් ඒ යෝජනා වලට අමතරව තව යෝජනා කිහිපයකුත් මම කරලා තියනවා. විශේෂයෙන්ම එක ප්‍රශ්නයක් වුනේ, පාර්ලිමේන්තු නායකයින් ඉන්න ජාතික සභාවෙ බලතල මෙතනදි සදහන් කරල තියනවා.

එක කාරණයක් තමයි මේ සියලු දෙනාම එක් රැස් කරගන්න.


''තරුණ හඩට අපි තැනක් දෙන්න ඕනේ.''


 දෙවනි කාරණය. අපි විශේෂයෙන්ම සදහන් කරල තියනවා මේ සාකච්ඡාවෙදි කැබිනට් මණ්ඩලයත් ඒ වගේම අධීක්ෂණ කොමිටි වල සභාපතිවරුත්, මුල්‍ය පාලන කොමිටි වල සභාපතිවරුත්, පක්ෂ නායකයිනුත් මුන ගැහෙන අවස්ථාවේදී තරුණ නියෝජිත කොමිටියකුත් එතෙන්ට ආරාධනා කරන්න.

ඒකේ සාමාජිකත්වය 15 ක් 20 ක් අතර වෙන්න තිබෙනවා.

දැන්  ඒ තරුණ සාමාජිකත්වය තෝරගන්න ක්‍රමවේදය විශේෂයෙන්ම ඒ තරුණ හඩට බාර දෙන්න ඕනේ.

ඒ අදහස අරගෙන පාර්ලිමේන්තුව ඒක තිරණය කරන්න පුලුවන්.

විශේෂයෙන්ම තරුණ සංවිධාන සමාජ මාධ්‍යයෙන් පිටත් දහස් ගණන් අද තියනවා. ඉතින් ඒ සංවිධාන තුලින්. ඍජුවම මේ කොමිටිය පත් කරනවද ඒක එක විකල්පයක් නැත්නම් මේ සංවිධානය තුලින් නියෝජිතයන්, තරුණ නායක නියෝජිතයන් 200 ක් 300 ඉන්න සම්මේලනයක් පත් කරනවාද? ඒ සම්මේලනය මාස 3 කට සැරයක් රැස් වෙන්නත් ඒ සම්මේලනයෙන් මේ ප්‍රධාන 15 , 20 ක කොමිටිය පත් කරන්න සමහර අනෙක් විකල්ප වෙන්න පුලුවන්.

අන්න ඒ විකල්ප පිලිබද අදහස් අපි තරුණ හඬෙන් ලබා ගන්න ඕනෙ.

ගෝටාගෝගමේ හිටියත් වෙනත් තැන්වල උද්ඝෝෂණය කළත්, තමන්ගේ ව්‍යාපාර කැදෙව්වත් ඒ හැම අදහස්ම ලබා ගන්න උවමනයි.

ඉතින් මම යෝජනා කරන්නෙ අපේ යෝජනා මාලාව තියනවා.

දැන් අපේ තරුණ නීතිවේදීන් සිංහල සහ දෙමළ භාෂාවෙනුත් දැනුම් දෙයි. පරිවර්තන කරයි.

එහෙනම් ඒ අනුවම, තමන්ගේ අදහස් සමාජ මාධ්‍යයේ පළ කරන්න.

තමන්ගේ අදහස් ඕනෙ නම් කතානායක තුමාට එවන්න. මේ අදහස් අපිට සතියකින් දවස් 10 කින් දැනගත්තහම ඒ අදහසුත් අරගෙන ආපහු මේ යෝජනා සංශෝධනය කරලා, සාකච්ඡාවට ඉදිරිපත් කරන්න පුලුවන් .

තරුණ හඩට අපි තැනක් දෙන්න ඕනේ. එක අපි කළ යුතුයි.

තරුණයන් ඒ වගකීම බාරගෙන ඉදිරියට එන්න කියලත් මම ප්‍රකාශ කරමින් මේ කාරණය ගැන කියන කරුණු සියල්ලම පැහැදිලි කරනවා.

.............................................

නිර්පාක්ෂික ජන අරගලයට සහය පලකිරීමේ අරමුණින් යුතුව සංවිධානය කළ සත්‍යක්‍රියාවේ ප්‍රකාශිත සම්මුතියේ යෝජනා 15
 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්