1200 x 80 DMirror

ස්වාධින මන්ත්‍රී කණ්ඩායම සමග අද (25) පෙරවරුවේ පැවති සාකච්ජා සාර්ථක වී ඇතැයි සමගි ජන බලවේගය අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.


මෙම සාකච්ජාව ටිරාන් අලස් මන්ත්‍රීවරයාගේ කාර්යලයේ පැවති අතර ඒ සඳහා සජබ නියෝජනය කරමින් රන්ජිත් මද්දුම බණ්ඩාර, එස්.එම්. මරික්කාර්, දොස්තර රාජිත සේනාරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, ගයන්ත කරුණාතිලක යන මන්ත්‍රීවරුන් සහභාගී වී තිබේ.

ස්වාධින කණ්ඩායම නියෝජනය කරමින් විමල් වීරවංශ ඇතුළු එම කණ්ඩායමේ පක්ෂ නායකයින් පිරිසක් එම සාකච්ජාවට එක්ව ඇත.

මෙහිදී ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගය සම්බන්ධයෙන් මෙන්ම, අන්තර්වාර පාලනයක් සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ජා කර ඇතිබව වාර්තාවේ.

එහිදී අන්තර්වාර පාලනයක් සම්බන්ධයෙන් කිසියම් එකඟතාවයකට පැමිණ ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුලදී වැඩිදුරටත් සාකච්ජා කිරීමට තීන්දුකර ඇතැයි ද පැවසේ.



විශ්වාසභංගයට බහුතර මන්ත්‍රී සංඛ්‍යාව සොයාගෙන අවසන්’’



මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල 'ලංකාදීපය'ට පවසා ඇත්තේ, ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කෙරෙන විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය බහුතර  මන්ත්‍රී සංඛ්‍යාව සොයාගෙන අවසන් බවයි.

ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන 41 දෙනාද විශ්වාසභංග යෝජනාවට සහාය දැක්වීමට එකඟවූ බවද හෙතෙම සඳහන් කරයි.

විශ්වාසභංග යෝජනාව සඳහා තවත් මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීමට කටයුතු කරගෙන යන බව පවසන ලක්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා,  යෝජනාව බාර දෙන ආකාරය සහ එය බාරදීමෙන් පසුව ඇතිවන තත්වය ඇතුළු කරුණු ගණනාවක්ද සාකච්ඡා කරන බව  ප්‍රකාශ කර සිටියි.

විශ්වාසභංග යෝජනාව සඳහා දේශපාලන පක්ෂ ගණනාවක් සහය දැක්වීමට දැනටමත් එකඟත්වය පළ කර ඇතැයිද  ඔහු සඳහන් කරයි.




''ජනාධිපති අන්තර්වාර පාලනයකට එකඟ වුණා'' -පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි



 

Himi 2022.04.25 1


පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි


මේ අතර අස්ගිරි මහා නිකායේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පැවසුයේ, අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා කඩිනම් පියවර ගැනීමට එකඟ වන බව ජනපතිවරයා ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ට ලිපියක් එවමින් දැනුම්දී ඇති බවයි.

එසේම නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව රටට ඉදිරිපත් කිරීමටද ජනාධිපතිවරයා කැමැත්ත පළ කර ඇතැයි උන්වහන්සේ පැවසුහ. 

 

 

Leader Whats app

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය