ආණ්ඩුවේ අති බහුතරයකගේ සහය ඇත්තේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට බව ජනාධිපතිවරයා වෙත පෙන්වාදීම ඊයේ (24) ආරම්භ කළ 'අත්සන්

මෙහෙයුමේ' අරමුණ වූ බව එම අත්සන් මෙහෙයුමට සම්බන්ධ 'පොහොට්ටු' පක්ෂ ක්‍රියාකාරිකයකු පැවසිය.

අගමැති මහින්ද රාජපක්ෂට සහය පළකරමින් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 103 දෙනෙකු මේවනවිට එම ලේඛනයට අත්සන් කර ඇති බවත්, අද දිනය තුලදී එම අත්සන් ගණන 113 ඉලක්කය පන්නනු ඇති බවටත් ඔහු විශ්වාසය පළකළේය.

එම අත්සන් ලැයිස්තුවට විපක්ෂයෙන් ආණ්ඩුවට එක්ව සිටින අමාත්‍ය නසීර් අහමඩ් ඇතුළු මැති ඇමති වරුන් කිහිප දෙනෙකුද අත්සන් තබා ඇත.

බැසිල් රාජපක්ෂගේ මෙහෙයවීම යටතේ පොහොට්ටු පක්ෂ මුලස්ථානයේදී අත්සන් එකතු කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇත්තේ, මහින්ද රාජපක්ෂ තවදුරටත් අගමැති ධුරයේ තබා ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට බව මාධ්‍ය වාර්තාවල සඳහන් විය.


''බැසිල්ගේ දෙවැනි මෙහෙයුමත් අසාර්ථකයි ''


මෙම අත්සන් මෙහෙයුම සම්බන්ධයෙන් අප කල විමසීමකදී ස්වාධින මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රකාශයකු පැවසුයේ, බැසිල් රාජපක්ෂ විසින් දෙවන දිනටත් ආරම්භ කල අත්සන් මෙහෙයුම මුළුමනින්ම අසාර්ථක වී ඇති බවයි.

ඊයේ දිනය තුල අගමැතිට සහය පලකිරීමේ ලේඛනයට අත්සන් 50ක්වත් එකතුකර ගැනීමට නොහැකිවී ඇති බවත්, අද දිනයේද එම මෙහෙයුම ආරම්භවී ඇතත් මන්ත්‍රීවරුන් ඊට අත්සන් කිරීම මගහරිමින් සිටින බවත් එම ප්‍රකාශකයා පැවසිය.

බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාගේ උගුල්වලට හසුනොවී, මේ අවස්ථාවේදී ගෞරවාන්විත ලෙස ඉල්ලා අස්වීම මහින්ද රාජපක්ෂට ඇති හොඳ විසඳුම බව එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අන්තර්කාලින ආණ්ඩුවකට එකඟත්වයක් !



මේ අතර ස්වාධින මන්ත්‍රී කණ්ඩායම සමග අද (25) පෙරවරුවේ පැවති සාකච්ජා සාර්ථක වී ඇතැයි සමගි ජන බලවේගය අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මෙම සාකච්ජාව ටිරාන් අලස් මන්ත්‍රීවරයාගේ කාර්යලයේ පැවති අතර ඒ සඳහා සජබ නියෝජනය කරමින් රන්ජිත් මද්දුම බණ්ඩාර, එස්.එම්. මරික්කාර්, දොස්තර රාජිත සේනාරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, ගයන්ත කරුණාතිලක යන මන්ත්‍රීවරුන් සහභාගී වී තිබේ.

ස්වාධින කණ්ඩායම නියෝජනය කරමින් විමල් වීරවංශ ඇතුළු එම කණ්ඩායමේ පක්ෂ නායකයින් පිරිසක් එම සාකච්ජාවට එක්ව ඇත.

මෙහිදී ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගය සම්බන්ධයෙන් මෙන්ම, අන්තර්වාර පාලනයක් සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ජා කර ඇතිබව වාර්තාවේ.

එහිදී අන්තර්වාර පාලනයක් සම්බන්ධයෙන් කිසියම් එකඟතාවයකට පැමිණ ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුලදී වැඩිදුරටත් සාකච්ජා කිරීමට තීන්දුකර ඇතැයි ද පැවසේ.


ජනාධිපතිවරයා එකඟත්වය පළකරයි 



මේ අතර අස්ගිරි මහා නිකායේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පැවසුයේ, අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා කඩිනම් පියවර ගැනීමට එකඟ වන බව ජනපතිවරයා ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ට ලිපියක් එවමින් දැනුම්දී ඇති බවයි.

එසේම නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව රටට ඉදිරිපත් කිරීමටද ජනාධිපතිවරයා කැමැත්ත පළ කර ඇතැයි උන්වහන්සේ පැවසුහ.

 

 

Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්