ප්‍රංශ ජනරජයේ 26 වෙනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගන්නා දෙවන වටයේ ජනාධිපතිවරණය ප්‍රථම වටයෙන් සති දෙකකට පසු අප්‍රේල් 24 වෙනි ඉරිදා

උදේ 08 සිට රාත්‍රී 08 දක්වා පැවැතුන අතර ඉන් පසුව නිකුත් වූ ප්‍රථිපලවලට අනුව මෙවර හිටපු ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් ප්‍රංශ ජනරජයේ 26 වෙනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී ඇත.

 124275826 032905d7 9f7f 4c55 a051 837b2880833c

 

ඒ අනුව දෙවන වටයේ පැවැති ජනාධිපතිවරණයේ වලංගු ඡන්ද ප්‍රතිශතයට සමගාමීව එම්මානුවෙල් මැක්රොන් වලංගු ඡන්ද 18 779 641 ක් ලබා ගනිමින් හා ප්‍රතිශතයක් ලෙස 58.54%ක ඡන්ද ප්‍රතිශතයක්ද මරී ලෙෆෙන් වලංගු ඡන්ද 13 297 760 ක් ලබා ගනිමින් හා ප්‍රතිශතයක් ලෙස 41.46%ක ඡන්ද ප්‍රතිශතයක්ද හිමිකර ගත් අතර ඉහත ප්‍රතිපලයන්ට අනුව හිටපු ජනාධිපති මැක්රොන් දෙවන වරටත් ඉදිරි වසර පහකට ප්‍රංශයේ ජනාධිපති ධූරයට තේරී පත් වන්නේය.

 

ව්‍යවස්ථානුකූලව මැයි මස 13 වෙනිදා නව ජනාධිපතිවරයා ලෙස ජනාධිපති මන්දිරයේදී දිවුරුම් දීමට නියමිතව ඇත්තේය.

 

ජනාධිපතිවරණයේ ජයග්‍රහනයෙන් පසු සැලසුම් කර තිබූ පරිදිම සුප්‍රසිද්ධ අයිෆල් කුළුන ඉදිරිපස ඉදිවූ වේදිකාවක සිට රාත්‍රී 09.30 රැස්ව සිටි තම ආධාර කරුවන් අමතා ඔවුන් සමඟ ජයග්‍රහනය භුක්ති වින්දේය.

 

france

ප්‍රංශ ජනාධිපතිවරනයේ ප්‍රථම වටයට සුදුසුකම් ලැබූ අපේක්ෂකයන් 12 දෙනා

 

මෙවර අප්‍රේල් 10 වෙනිදාා පැවැති ප්‍රංශ ජනාධිපතිවරනයේ ප්‍රථම වටයට සුදුසුකම් ලැබූ අපේක්ෂකයන් 12 දෙනෙකු ඉදිරිපත් වූ අතර ඔවුන් අතරින් ඉදිරියෙන්ම ජය ගත් දෙදෙනා අතර දෙවන වටය පැවැතුනේය. ඒ අනුව ඉදිරියට යන මහජන පක්ෂයෙන් එම්මානුවෙල් මැක්රොන් හා ජාතික එකමුතුව
පක්ෂයෙන් මරී ලෙෆෙන් අතර දෙවන වටයේ තරඟය පැවැතුන අතර ඒ සඳහා ලියාපදිංචි ඡන්දදායකයෝ මිලියන 46ක් සිටියෝය. ඔවුන් අතරින් 71%ක වලංගු ඡන්ද ප්‍රමාණයක් පාවිච්චි කොට ඇත්තේය.

මෙවර ඡන්දය භාවිතා නොකල ප්‍රමාණය 28%කි. හිස් ඡන්ද ප්‍රමාණය 6.35%කි. වලංගු නොවූ ඡන්ද ප්‍රමාණය 2.25%කි.

 

WireAP 6832f62bb3394277bbac626821069e05 16x9 992

ප්‍රංශ වේලාවෙන් 23 වෙනිදා රාත්‍රියේ සිට කැනඩාවේ මොන්ට්රියල් නගරය, ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරය, ඕස්ටේ්‍රලියානු මහද්වීපය අසල පිහිටි පොලෝනෙසි ප්‍රන්ශේස් හී එම රටවල පදිංචි ප්‍රංශ පුරවැසි ඡන්ද දාායකයින් ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කල අතර ප්‍රංශයේදී 24 වෙනිදා උදේ 08 සිට රාත්‍රී 08 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 69000ක් විවෘතව පැවැතුනේය.

5000 ක පමණ පොලිස් ආරක්ෂාව සපයා තිබුනේය. එදිනම දහවල් 12 වන විට ඡන්ද මධ්‍යස්ථානවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 26.41%ක අගයක පැවැතුන අතර එය සාපේක්ෂ වශයෙන් වර්ෂ 2017 දී 28.23%ක් හා 2012 දී 30.66%ක ප්‍රතිශතයක් පෙන්වීමෙන් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමේ යම් අඩුවීමක් දක්නට ලැබුනේය. කෙසේ නමුත් අවසාන ඡන්ද ප්‍රථිපල නිකුත් කරන විට එම අගය 71%ක් වූ අතර වර්ෂ 2017 දී එම ප්‍රතිශතය 74%ක් වූ බව නිල වාර්තා වල සඳහන් වූයේය.

 

නව ජනාධිපති තේරී පත් වීමෙන් පසු ප්‍රංශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත රීතියක් නොවුනත් වර්තමාන අගමැතිවරයා ඉල්ලා අස්වීමේ ලිපිය නව ජනාධිපතිවරයාට භාර දීම හා නව රජයක් පත්වන තුරු කාලීන සිදුවීම් සම්බන්ධව කටයුතු කිරීමට ඔහු බැඳී සිටින්නේය. එබැවින් නව රජයක් පත්කර ගැනීමේ පාර්ලිමේන්තු මැතිවරනය ජුනි මස 12 හා 19 යන දින වලදී පැවැත් වීමට බොහෝ දුරට ඉඩ ඇති අතර මැක්රොන් නව ජනාධිපති වුවද ඊලඟ පාර්ලිමේන්තු මැතිවරනයෙන් ඔහුට වැඩි බලයක් නොලැබීමට බොහෝ දුරට ඉඩකඩ පවතින වාතාවරනයක් මේවන විට ප්‍රංශය පුරා ගොඩ නැගී ඇත්තේය.



(සුනිල් ආනන්ද )
පැරීසියේ සිට
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.



සබැඳි පුවත :


ප්‍රංශ ජනාධිපතිවරනයේ ප්‍රථම වටයෙන් මැක්රොන් ඉදිරියෙන්


Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්