theleaderlk 01

එක එක්කෙනා කිව්ව පළියට ඉල්ලා අස්වීමට සූදානම් නැති බවත්, විරුද්ධ පැත්තේ අය බහුතරය පෙන්වුවහොත් පමණක් ඉල්ලා අස්වීමට සූදානම් බවත්

 අගමැති මහින්ද රාජපක්ෂ පැවසීය.

" කාට හරි මම යවන්න පුළුවන් නම් යවන්න" යැයිද  ඔහු සඳහන් කළේය.

අගමැතිවරයා මෙසේ පැවසුවේ මැති ඇමැතිවරුන් සහ පළාත් සභාවේ හිටපු මැති ඇමැතිවරුන් පිරිසක් සමග අරලියගහ මන්දිරයේදී අද (26) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීය.



''බහුතරය අපිට'' -  ''නෑ අපිට''


මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසන්නේ, පාර්ලිමේන්තුවේ බහුතරය බලය තවමත් ඇත්තේ තම පක්ෂයට බවයි.  ඕනෑම අවස්ථාවක එය ඔප්පුකර පෙන්වීමට සූදානම් බවද හෙතෙම සඳහන් කරයි.

වෙනත් කණ්ඩායමකට බහුතරය බලය ඇත්නම් කළ යුත්තේ මාධ්‍ය හමු පැවැත්වීම නොව එය පාර්ලිමේන්තුවේ දී ඔප්පු කර පෙන්වීම බව ද හෙතෙම කියා සිටී.

මේ අතර අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට සහාය පළ කරන මන්ත්‍රීවරු 124 දෙනෙකු පාර්ලිමේන්තුවේ සිටින බව රාජ්‍ය ඇමති සනත් නිශාන්ත සඳහන් කරයි. දැනටමත් ඔවුන්ගේ තීරණය ලිඛිතව භාරදී ඇතැයිද හෙතෙම පැවසීය.



කෙසේ වෙතත් අගමැතිවරයාට විරුද්දව 120ක් මන්ත්‍රීවරුන් සිටින බව විපක්‍ෂය සදහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පැවසුවේ ආණ්ඩුව ඉවත් නොවුනහොත් ඉකුත් දා පාර්ලිමේන්තුවේ දී ස්වාධීන වූ තම කණ්ඩායම අනිවාර්යයෙන්ම විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවයි.

.



පවුලේ අය විශේෂ සාකච්ඡාවක


මේ අතර රට තුළ ඇතිව තිබෙන දේශපාලන හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ රාජපක්ෂ පවුලේ සෙසු සාමාජිකයින් අතර විශේෂ සාකච්ඡාවක් කොටුව ජනාධිපති මන්දිරයේ දී ඊයේ (25) රාත්‍රියේ පවත්වා ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ඇමතිවරුන් වන චමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට සහභාගි වී ඇතැයි වාර්තා වේ.

රට තුළ ඇතිව තිබෙන බරපතළ දේශපාලන සහ ආර්ථික අර්බුදය මෙන්ම ආණ්ඩුවට එරෙහිව ගෙන යන මහජන අරගලය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී ඇතැයි පැවසේ.

මෙම සාකච්ඡාව ඊයේ මැදියම් රැය වන තෙක්ම පැවති බවද දැනගන්නට ඇත.

 

 

Leader Whats app