අන්තර් පාලනයක් යනු මෙරට බහුතර ජනතාවගේ පොදු තීන්දුවක් නොවන අතර

තම තමන්ගේ හිත සුව පිණිස තනතුරු හා වරප්‍රසාද බෙදා ගැනීමක් බැවින් රට අපේක්ෂා නොකරන දෙයකට තමන් එකඟ නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බීබීසීය සමග කළ විශේෂ සංවාදයකදී පැවසුවේය.

''රට ඉල්ලන්නේ නැති දෙකට සක්විති රජකම දෙනවා කිවුවත් ඒ පාවාදීම මම කරන්නේ නෑ. කවුරුහරි බහුතර කණ්ඩායමක් කිවුවොත් නෑ මේකම කෙරෙන්න ඕනා කියලා ඒ ගොල්ලන්ට කරගන්න කියනවා. මම එතන නෑ. තමන්ට ඕනා විදියකට 225ට එකතුවෙලා පුළුවන්ද ලක්ෂ 220 වෙනුවෙන් තම තමන්ගේ රුචිඅරුචිකම් අනුව ගනුදෙනු කරන්න. '' යනුවෙන් එහිදී ඔහු කියා සිටියේය.

විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කිරීම, ආර්ථික උපාය මාර්ග සහ ජාත්‍යන්තරයේ සහය ශ්‍රී ලංකාවට ලබා ගැනීම වැනි ක්ෂේත්‍ර ගණනාවක් ගැන මෙහිදී විපක්ෂ නායකවරයා සිය ස්ථාවරය ප්‍රකාශ කළේය.

 

 

 


Leader Whats app

 

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා