1200 x 80 DMirror

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එකතුවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලට ආරාධනා

කර ඇත.

ජනාධිපතිවරයා එම ඉල්ලීම කරමින් පක්ෂ නායකයන් වෙත ලිපියක් ද යොමු කර තිබේ.

සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු හවුල්කාර පක්ෂවලට ද මේ සඳහා ආරාධනා කර ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් සකච්ඡා කිරීම සඳහා ජනපතිවරයා සියලු පක්ෂ නායකයනට ජනපති මන්දිරයට අනිද්දා (29) පැමිණෙන්නැයි ආරාධනා කර තිබේ.

අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්වීමෙන් අනතුරුව පිහිටුවීමට යෝජිත ආණ්ඩුවේ ව්‍යුහය, ක්‍රියාත්මක වන කාර්ය සීමාව හා වගකීම් ලබාදෙන පුද්ගලයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා තීන්දුකර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ මහා නාහිමියන් සහ අගරදගුරු තුමන් ඇතුළු සර්වපාක්ෂික ආගමික නායකයන් දේශපාලන පක්ෂ හා බහුජන සංවිධාන විසින් කරන ලද ඉල්ලීම් සලකා බැලීමෙන් පසුව බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.


ජනපති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කැඳවයි


මේ අතර ජනාධිපතිවරයා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් හෙට (28) පස්වරු 4 .00ට ජනාධිපති මන්දිරට කැඳවා ඇති අතර එහිදී මේ සම්බන්ධයෙන් ඔවුන් සමඟද සාකච්ඡා කරනු ඇතැයි දැනගන්නට ඇත.

රටේ ඇතිව තිබෙන දේශපාලන හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම විශේෂ හමුව කැඳවා ඇතැයි වාර්තා වේ.

අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉවත්වී අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව කියමින් ජනාධිපතිවරයාට ලිපියක් භාර දුන් පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් දස දෙනාද මෙම හමුවට සහභාගි වනු ඇතැයි පැවසේ.



 

Leader Whats app

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය