theleaderlk 01

කටුනායක ගුවන් තොටුපොල පරිශ්‍රයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයක් අද දිනයේ (27) විවෘත කර ඇතිබව ගුවන් තොටුපල ආරංචිමාර්ග පවසයි.



ගුවන් තොටුපල පරිශ්‍රයේ අවන්හලක් ඉදිරිපිට කන්ටේනර් දෙකක් යොදාගනිමින් එම කාර්යාලය ස්ථාපිත කර ඇති අතර ඒ සඳහා මුලිකත්ව ගෙන ඇත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති නියෝජිතයෙකු වන චන්දිම හෙවත් ජැෆ්මා නමැත්තෙකි.

ඒ සඳහා ගුවන් තොටුපල අධිකාරිය විසින් වැයකර ඇති මුදල කෂ 93ක් බව පැවසේ.

රටේ වර්තමානයේ පවතින අර්බුද හමුවේ මෙවැනි කාර්යාලයක් ස්ථාපිත කිරීම කටුනායක ගුවන්තොටුපොල නිලධාරීන් මෙන්ම සේවකයන්ගේද දැඩි විවේචනයට ලක්වී ඇත.

ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් කිරීමට මෙවැනි දේ සිදු කිරීම නොව රට ගොඩනැගීම සදහා සියළු පාර්ශවයන්ගේ සහාය ලබාදිය යුතු බවයි.

 Airport SL 1
Airport SL 3
Airport SL 2

 

Leader Whats app