සර්ව පාක්ෂික අන්තර්වාර පාලනයක් පිහිටුවීම සඳහා සහාය ලබා දෙන්නැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් දස දෙනාගේ කණ්ඩායම විපක්ෂයේ

දේශපාලන පක්ෂවල නායකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස ද එම කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට අමතරව එජාප නායක රනිල් වික්‍රමසිංහ, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් යන මහත්වරුන් ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයන්ට ද ඔවුන් මෙම ලිපියේ පිටපත් ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ පී එස් කුමාරසිරි, නීතිඥ උදයන කිරිඳි ගොඩ, ලලිත් එල්ලාවල, ගුණපාල රත්නසේකර, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර, කරුණාදාස කොඩිතුවක්කු, අකිල එල්ලාවල , උපුල් ගලප්පත්ති, සුදත් මංජුල, දයාකාන්ත ගුණතිලක යන මහත්වරුන් ගේ අත්සනින් මෙම ලිපිය යවා ඇත .

එහි මෙසේද සදහන් වේ.

image 1e9861f39f


සර්වපාක්ෂික ආණ්ඩුවක පලමු පියවර ජනපති කියයි


රට මුහුණ දී තිබෙන අරබුදයට පිළියමක් ලෙස, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජිතයන්ගෙන් යුත් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට විධායක ජනාධිපතිවරයා වශයෙන් තමා එකඟ වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සියලුම පක්ෂ නායකයන්ට දැනුම් දී ඇත.

අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් අනතුරුව, පිහිටුවීමට යෝජිත සර්වපාක්ෂික ආණ්ඩුවේ ව්‍යුහය, ක්‍රියාත්මක විය යුතු කාල සීමාව ,එහි වගකීම ලබාදෙන පුද්ගලයින් කවුරුන්ද යන්න ආදිය සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණය කළ යුතු යැයිද ජනාධිපතිවරයා පක්ෂ නායකයන් වෙත ඊයේ (27) ලිඛිතව දැනුම් දී ඇත.

එහි පළමු පියවර ලෙස, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් හා ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සිට, ස්වාධීන වූ කණ්ඩායමේ පක්ෂ නායකයන් ද සමග සාකච්ඡාවක් අද පෙරවරු 10:30 ට කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ජනාධිපතිවරයා එම ලිපියෙන් දැනුම් දී ඇත.

එබැවින් ඒ සම්බන්ධයෙන් සිය පක්ෂවල අදහස් හා යෝජනා ද සමග අද රැස්වීමට නොවරදවාම සහභාගි වන ලෙස ද ජනාධිපතිවරයා පක්ෂ නායකයන්ට ආරාධනා කර ඇත.

රටේ ඇතිව තිබෙන සමාජ හා ආර්ථික අර්බුදයට විසඳුමක් වශයෙන්, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙස ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්, කාදිනල් තුමා ඇතුළු ආගමික නායකයන් ද, දේශපාලන පක්ෂ හා පොදු ජන සංවිධාන ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.

එම ඉල්ලීම් සලකා බලමින් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට තමා විධායක ජනාධිපතිවරයා වශයෙන් තමා ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණ ඇතැයි ජනාධිපතිවරයා පක්ෂ නායකයන්ට යැවූ ලිපියේසඳහන් කර ඇත.

මේ අතර ජනාධිපතිවරයා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ද ජනාධිපති මන්දිරයට අද සවස 4.00 ට කැඳවා ඇත.

අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් වී අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවිය යුතු යැයි යෝජනා කළ පසුපෙළ මන්ත්‍රීවරුන් දස දෙනා ද මෙම සාකච්ඡාවට සහභාගී වීමට නියමිතය.

ජනාධිපතිවරයා ආණ්ඩුවේ සහ ස්වාධීන වූ පක්ෂවල නායකයන් සමඟ අද පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව අනෙකුත් දේශපාලන පක්ෂ නායකයන් ද හමුවී මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි දැනගන්නට තිබේ.

 


Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්