සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා සාකච්ඡා කිරීමට එක් වන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව එක්සත්

ජාතික පක්ෂය පවසයි.

 එහි මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර පැවසුවේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යටතේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට තමන් එකඟ නොවන බවයි.    



රට මුහුණ දී තිබෙන අරබුදයට පිළියමක් ලෙස, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජිතයන්ගෙන් යුත් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට විධායක ජනාධිපතිවරයා වශයෙන් තමා එකඟ වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලුම පක්ෂ නායකයන්ට දැනුම් දී ඇත.

අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් අනතුරුව, පිහිටුවීමට යෝජිත සර්වපාක්ෂික ආණ්ඩුවේ ව්‍යුහය, ක්‍රියාත්මක විය යුතු කාල සීමාව ,එහි වගකීම ලබාදෙන පුද්ගලයින් කවුරුන්ද යන්න ආදිය සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණය කළ යුතු යැයිද ජනාධිපතිවරයා පක්ෂ නායකයන් වෙත ඊයේ (27)ලිඛිතව දැනුම් දී තිබිණ.

ඒ සදහා එකතු වන ලෙසත් ඒ පිළිබද සාකච්ඡා කිරීමට හෙට පැවැත්වෙන විශේෂ හමුවට සහභාගී වන ලෙසත් ජනාධිපතිවරයා එම ලිපියෙන් පක්ෂ නායකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.


සජබය හා ජවිපෙ තීරණ පසුවට


කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් සිය පක්ෂය සාකච්ඡා කර තීරණයක් ගන්නා බව සමගි ජන බලවේගය පවසයි.  මේ, ඒ සම්බන්ධයෙන් 'නෙත් නිව්ස්' වෙත  කරුණු දැක්වූ එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මෙසේ පැවසිය.



ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ සිය පක්ෂය ඒ පිළිබඳ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.

මේ අතර ස්වාධීන මන්ත්‍රීවරුන් සාකච්ඡා කර ඒ පිළිබඳව තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඊයේ සදහන් කළේය.

 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්