වෘත්තීය සමිති දහසකට අධික සංඛ්‍යාවක් අද දිනයේ පැවැත්වෙන සංකේත වැඩවර්ජනයට එක් වන බව සමස්ථ ලංකා අන්තර් සමාගම් සේවක සංගමය

පවසයි.

 ඊට අධ්‍යාපන, දුම්රිය, වරාය, සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට අයත් වෘත්තීය සමිතිද ඇතුළත්. මේ, වර්ජනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ථ ලංකා අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මෙසේ පැවසිය.



ආණ්ඩුවට වහා ඉවත් වන ලෙස බල කරමින් ගුරු විදුහල්පතිවරුන් ද අද දිනයේ මෙම වැඩවර්ජනයට එක් වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් පැවසිය.



ඒ අනුව අද දිනයේ පාසල්වල අධ්‍යයන කටයුතු සිදුනොවන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සදහන් කළේය.



වර්ජනය ක්‍රියාත්මක වුවත් සෞඛ්‍ය සහ විදුලිබල සේවා මහජනතාවට අසීරුතාවක් ඇති නොවන පරිදි සිදුකරන බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුවේ කැදවුම්කරු රවී කුමුදේශ් පැවසිය.



රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයද පැවසුවේ තමන්ද වර්ජනයට එක් වන බවයි. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එහි ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු.



වර්ජනය හේතුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වූ බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කළද දුම්රිය සේවකයන් වර්ජනයේ යෙදී සිටින බව සන්ධානයේ සම කැඳවුම්කරු එස් පී විතානගේ පැවසිය.



මේ හේතුවෙන් විකල්ප ප්‍රවාහන සේවා භාවිතයට යොමුවන්නැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර දුම්රිය මගීන්ගෙන් ඉල්ලීමක් කර සිටියි.




කෙසේවෙතත් වර්ජනය ක්‍රියාත්මක වුවත් එක් දින සේවාවන්ට බාධාවක් නොමැති බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි. . ඒ අනුව ආගමන විගමන, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් අද දිනයේද ක්‍රියාත්මකයි.

 එහෙත් සේවකයින්ට රාජකාරී සඳහා පැමිණීමේදී බාධා මතුවන බැවින් එම සේවාවන් සිදුකිරීමට ද බාධාවන් එල්ල විය හැකි බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක පැවසුවාය.


වර්ජනයෙන් තැන තැන පාළුවට


image e5f0d02541image fd03e2e17aimage 06508e169a
image 1dbc7358a7
වත්මන් පාලනයට එරෙහිව වෘත්තීය සමිති රැසක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල රාජ්‍ය හා පෞද්ගලික සේවා ආයතන රැසක සේවාවන් මන්දගාමී ස්වභාවයක් පවතී. බොහෝ නගර සුළු පාළුව ස්වභාපයක් ගෙන තිබුණි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ඉතා සීමිත ප්‍රමාණයක් ගොවීන් රැගෙන විත් තිබුණත් ඒවා මිලදී ගැනීම්ට  වෙළෙන්දන් නොපැමිණීම නිසා ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු තබා තිබෙන අයුරු දැක ගැනීමට හැකිවිය.

එමෙන්ම කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේද එළවලු යම් ප්‍රමාණයකට ලැබී තිබුණද ඒවා අලෙවි කරගැනීමට වෙළෙන්දන් හා ව්‍යාපාරිකයින් නොපැමිණිමෙන් එහි කටයුතුද අඩාල වී තිබිණි.

බොහෝ ප්‍රදේඑහවල ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් ධාවනය වූ අතර  පෞද්ගලික බස් රථ ද සීමා සහිතව ධාවනයට යොදවා තිබෙන අයුරු දැක ගැනීමට හැකිවිය

වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙුණු බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ජනතාව අපහසුතාවයට පත්ව ඇති මොහොතක හෝ රෝහල්ට පැමිණින  රෝගීන් අපහසුතාවයට පත් නොකොට එහි ප්‍රතිකාර කටයුතු සිදු කරන බව හෙතෙම සඳහන් කළේය.

බොහෝ  රාජ්‍ය ආයතන විවෘතව තැබුණත් සේවා ලබා ගැනීමට එන මහජනතාව ඉතා අල්ප බව සේවකයෝ පවසති.

පාසල් බොහොමයක ගුරුවරුන් හෝ පාසල් සිසුන් නොපැමිණි අතර පාසල් වසා දමා තිබෙන අයුරු දැක ගැනීමට හැකිවිය. බොහෝ නගවෙල ද වෙනදා මෙන් නොව ජනතාවගේ අඩු තත්ත්වයක් දැක ගැනීමට හැකි වීම විශේෂත්වයකි.

ඇතැම් දුම්රිය ස්ථානවලට වෙනදා මෙන් මගීන්ගෙන් පිරී නොසිටි අයුරු දැකගත හැකි වුවත් මගීන් කීපදෙනකු දුම්රියක් එනතුරු බලා සිටියහ. නමුත් දුම්රිය ධාවනයක කටයුතුවල වර්ධනයක් නොතිබූ අතර දුම්රිය ප්‍රවේශපත් කවුලුද වසා දමා තිබිණි.


(උපුටා ගැනීම් - නෙත් නිව්ස් + ලංකාදීප)

 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්