ජන අරගලයට අද දිනයේ කම්කරු ව්‍යාපාරය එකතු වීම මහජන අරගලයේ අපේක්ෂා ජයග්‍රහණය කරවීමට සුවිශාල බලපෑමක් වනු ඇතැයි පෙරටුගාමී

සමාජවාදී පක්ෂය පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ එබව කියා සිටියේ අද (28) පෙරවරුවේ සමාජ මාධ්‍ය වෙත සජීවී ලෙස එක්වෙමිනි. ඔහු එහිදී මෙසේ පැවසිය.

''අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වුණේ විශේෂ හේතුවක් මත අද දවසේ කම්කරු ව්‍යාපාරයක් විදිහට වැඩ වර්ජනයක් කැඳවලා තියෙනවා. ඒ වැඩ වර්ජන දහසක පමණ සහභාගීත්වයක් සහිතව දැවැන්ත පෙළපාලියක් යනවා ගාලුමුවදොර පිටිය දක්වා.

එතකොට අද ගෝල්ෆේස් අරගලයයි අනික් පැත්තෙන් කම්කරු ව්‍යාපාරයයි ඒකාබද්ද වීමක් සිද්ධ වෙනවා.

පහුගිය කාලේ මේ සම්බන්ධව විවිධ මාධ්‍යවලින් සහ  සමාජ මාධ්‍ය වලින් විවිධ කාරණා හුවමාරු වුණා. ඒ හුවමාරු වෙද්දී ඒ සම්බන්ධ විවිධ අදහස් සහ විවිධ විවේචන ඉදිරිපත් වෙලා තිබුණා. ඒ හැම එකකටම ලිඛිතව දේවල් කියනවාට වඩා එයට මූලික අදහසක් කියන්නම් කියලා හිතුවේ.

එකක් තමයි රටේ හැම ප්‍රදේශයක්ම ආවරණය වෙන පරිදි මේ මහජනතාවගේ නැගිටීම අපි සමරන්න ඕන. 

 

1953 න් පස්සේ ඇති වෙච්ච විශාලම මහජන නැගිටීම තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. 1971 සහ 88 -89 පවා දේශපාලන පක්ෂවල මූලිකත්වයෙන් අරගල සිදුවුණාට මෙවැනි  ජනතා නැගිටීමක්, අඩුම ගානේ 87 ඉන්දු ලංකා ගිවිසුම ගෙනාව අවස්ථාවේදී පවා නොදැකපු විදිහේ එකක් තමයි දැන් මේ දියත් වෙමින් තියෙන්නේ.

 

අනික් පැත්තෙන් අද වැඩ වර්ජනය සහ පෙළපාලිය ගත්තට පස්සේ ඒක 1980 ජූලි වැඩ වර්ජනයෙන් පස්සේ වැඩිම වෘත්තී සමිති එකඟතාවයකින් දියත් වෙන අරගලය කියලා කියන්න පුළුවන්.

එතකොට මේක එක්තරා විදිහක ස්වර්ණමය යුගයක් සහ ස්වර්ණමය අවස්ථාවක් මේ ඉතිහාසයෙන් ඇවිල්ලා තියෙන්නේ.

1953 පස්සේ අවුරුදු 70 කට විතර පස්සේ දැවැන්ත මහජන නැගීටීමක් සිද්ධ වෙලා තියෙනවා.

1980 පස්සේ අවුරුදු 40 කට විතර පස්සේ කම්කරු පංතියේ දැවැන්ත ඒක මිතියක්, ඒකාග්‍රතාවයක්, එකඟතාවයක් ඇතිවෙලා තියෙනවා.

එතකොට මෙන්න මේ දෙක , ඒ කියන්නේ එක පැත්තකින් ගෝල්ෆේස් පිටියේ ඇති වෙච්ච මහජන නැගිටීමයි, කම්කරු ව්‍යාපාරයේ සටන්කාමී සම්ප්‍රදායයි මේ දෙක ඒකාබද්ධ වෙන්න ඕන කියලා අපි කියන්නේ ඇයි.

මහජන අරගලයයි කම්කරු ව්‍යාපාරයේ එකතු වීමයි කියන එක සංකේතාත්මකයි.

පුබුදුගේ සම්පුර්ණ ප්‍රකාශය පහත වීඩියෝ වෙන් බලන්න






නිර්පාක්ෂික ජන අරගලයට සහය පලකිරීමේ අරමුණින් යුතුව සංවිධානය කළ සත්‍යක්‍රියාවේ ප්‍රකාශිත සම්මුතියේ යෝජනා 15

.
 
 
 

Leader Whats app

 

 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්