ලිහා දමන්නට හෝ කපා දමන්නට අමාරු ගැටවලට ලංකා ආර්ථිකය මුහුණ දී සිටින්නේ යැයි ද

මෙහි අන්තිම ප්‍රතිඵලය ඊළඟ මාස කිහිපයේදී මීටත් වඩා දරුණු තත්ත්වයකට මුහුණ දීමට සිදු වීම යැයි ද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු එබව කියා සිටියේ, රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ තරුණ වෘත්තිකයන් පිරිසක් සමග අද(28) සිරිකොත පක්ෂ මුලාස්ථානයේ පැවැති සාකච්ඡාක දි ය.

කාලයක් තිස්සේ මේ ප්‍රශ්න සියල්ලම ගැට ගැහී තිබෙන බව කී හිටපු අගමැතිවරයා, ඩොලර් හිඟය, ආදායම් අඩුවීම, වියදම් වැඩි වීම මෙන්ම දරාගන්න බැරි ණය බර ප්‍රධාන ප්‍රශ්න බව කීය.

දරාගන්න බැරි ණයට ඇතුළත් වන ප්‍රධාන කාරණා කිහිපයක් තිබෙන අතර ඉන් ප්‍රධාන කාරණය වන්නේ මෙරට සංස්ථා ණය බර බවත්, විදුලි  බල මණ්ඩලය 2021 දී බිලියන 79 ක පාඩුවක් ලබාගත් බව විදුලිබල ඇමතිවරයා ගිය සතියේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අතර පාඩුව මීටත් වැඩි බව ඇතැම් අය ප්‍රකාශ කරන බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලය මේ වසරට බිලියන 100ක පාඩුවක් ලැබෙන බව ප්‍රකාශ කර ඇති අතර එක විදුලි ඒකකයක් සඳහා අයකරන්නේ රුපියල් 17ක් වන නමුත්  වියදම රුපියල් 53ක් බව සඳහන් කර ඇතැයි ද ඔහු කීය.

හිටපු අගමැතිවරයා තවදුරටත් මෙසේද පැවසිය.


''ගැටය ලිහනවාද? ගැටය කපනවා ද?''

“අපේ ආර්ථික අර්බුදය තුළ සංකීර්ණ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ අතරින් ඩොලර් හිඟය, ආදායම් අඩුවීම, වියදම් වැඩිවීම ප්‍රධානයි.”

“දරාගන්න බැරි ණයක් තමයි මේකට තිබෙන ප්‍රධාන කාරණාව.”

“මේ දරාගන්න බැරි ණයට හේතුවන ප්‍රධාන කරුණ තමයි මේ රටේ සංස්ථා ණය බර. විදුලිබල මණ්ඩලය දිහා බැලුවොත් 2020 සහ 2021දී පාඩුව රුපියල් බිලියන 71ක් කියලා කියනවා. මේ වසරේ බිලියන 100ක පාඩුවක් සිදුවන බවත් කියනවා.”

“2020 සහ 2021දී තෙල් සංස්ථාවේ අලාභය රුපියල් බිලියන 83ක්. ඇමතිතුමා දැන් කියනවා එක දිනකට රුපියල් බිලියනයක පාඩු ලැබුවා කියලා. මේ මිල වැඩිකිරීමෙන් පස්සෙත් දිනකට රුපියල් මිලියන 327ක පාඩුවක්…ඒ කියන්නේ වසර අවසානයේදී තවත් ඩොලර් බිලියන 80ක පමණ පාඩුවක් ඇති වෙන්න යනවා.”

“මේ ණය දීලා තියෙන්නේ ලංකා බැංකුව සහ මහජන බැංකුව. මීට අමතරව ශ්‍රී ලංකා ගුවන් සේවයේ ණයත් මේ බැංකු දෙකට දරාගන්න සිදුවෙලා.”

“මේ ණය තවත් වැඩි වුණොත් බැංකුවල පැවැත්ම ගැන ප්‍රශ්නයක් ඇතිවෙනවා.”

“ඊට අමතරව වාණිජ බැංකුවලට අයිති ජාත්‍යන්තර බැඳුම්කර නතර කිරීම නිසාත් ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා.”

“ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවත් රුපියල් ට්‍රිලියනයක ණය ලංකා ආණ්ඩුවට දීලා තියෙනවා.”

“අලාභය අඩු කරන්න විදුලි ගාස්තු සහ ඉන්ධන ගාස්තු වැඩි කරන්න වෙනවා. මේ සියල්ලම දරාගන්න වෙන්නේ රටේ ජනතාවට.”

කාලයක් තිස්සේ සිට මේ ප්‍රශ්න සියල්ලම ගැට ගැහිලා තියෙන්නේ එක ගැටයකින්.

“අපි ණය ගෙවීමේ හැකියාව තිබෙන රාමුවක් ඇති කළාම ආණ්ඩුවට පුළුවන් මේ ප්‍රශ්නවලට අවධානය යොමු කරන්න.”

“අපි මේ ගැටය ලිහනවාද? ගැටය කපනවා ද? කියලා කොයි තීරණය ගත්තත් ඒ දෙකම අමාරුයි.”

“මේකේ අවසන් ප්‍රතිඵලය වන්නේ ඊළඟ මාස කිහිපයේදී මීටත් වඩා දරුණු තත්ත්වයක් ඇති වෙන්න යනවා.”

 


 

Leader Whats app

 

 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්