සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ ආණ්ඩුවේ සිට ස්වාධීන වූ පක්ෂ 11 හේ එකමුතුව අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.


 එම සාකච්ඡාවට සහභාගී වීම සඳහා එම පක්ෂ එකමුතුව තීරණයකට එළඹුනේ ඊයේ පස්වරුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල නිවසේ පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පැවසුවේ ජනාධිපතිවරයා සහ සිය මන්ත්‍රීවරුන් 40 දෙනාගේ කණ්ඩායම වෙනම සාකච්ඡාවක් ලෙස මෙම සාකච්ඡාව පවත්වන බවයි.

  



ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ වැඩබලන සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.





දේශපාලන අස්ථාවරභාවය සමනය කර ගැනීමට අන්තර්වාර පාලනයක් ස්ථාපිත කිරීමේ ක්‍රමවේදය පිළිබඳ සාකච්ඡා කිරීමට පැමිණෙන්න යැයි ජනපති කළ ඉල්ලීමට ශ්‍රී ල.නි.ප. ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම එකඟතාව පළ කරමින් අද දිනයේදී සාකච්ඡාව සඳහා සහභාගි වීමට තීරණය කර ඇත.




''විසදුම් පමාවීමෙන් අර්බුදය තවත් විශාල වනවා'' - විද්වතුන් කියයි




දේශපාලනඥයින් සිය බලය තර කර ගැනීම සඳහා තවදුරටත් පවතින අර්බුදයට විසදුම් සෙවීම ප්‍රමාද කළහොත් රට මුහුණදී ඇති අර්බුදය තවත් විශාල වනු ඇතැයි ප්‍රියනාත් ජයසූරිය පවසයි.

ඔහු එබව කියා සිටියේ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට සහභාගි වෙමිනි.

සියලුදෙනා අවංකවීම මේ මොහොතේ අත්‍යවශ්‍යම කටයුත්ත බව ඔහු අවධාරණය කර සිටියේය.



මේ මොහොතේ සියලු දෙනාට ලබාදිය හැකි උපරිම දායකත්වය ලබාදීම වැදගත් බවද ඔහු මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

Leader Whats app

 

 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්