1200 x 80 DMirror

19 ව්‍යවස්ථා සංශෝධනය ඉවත්කර අලුත් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනඒමට අගමැතිවරයාට කිසිඳු උනන්දුවක් නැතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ

ගනේෂන් පවසයි.

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලද ව්‍යවස්ථා සංශෝධන ඇතුලත් ආණ්ඩුවේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබේදැයි මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා, ඊයේ (28) රාත්‍රී කළ විමසීමකදී කතානායකවරයා පවසා ඇත්තේ, එවැන්නක් මෙතෙක් තමන් අතට ලැබී නොමැති බවයි.  

අනතුරුව මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා, අගමැති මහින්ද රාජපක්ෂ වෙත දුරකථන ඇමතුමක් ලබාදෙමින් ඒ පිළිබඳව විමසීමක් කර ඇත.

'' ඔය ව්‍යවස්ථා කතා වලට වඩා ආර්ථිකය ප්‍රමුඛයි නේ මල්ලි.  අපි ජනතාවගේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් දෙනවා. අපිට හෙට අනිද්දා වෙනකොට පිටරටවලින් ආධාර එනවා. එතකොට ඔය උද්ඝෝෂණ සේරම නැතිවෙලා යනවා. මල්ලි බය නැතුව ඉන්න මල්ලි..'' යයි කියමින් අගමැතිවරයා දුරකථන සංවාදය නිමකර ඇත.


mano 1


mano 2

අගමැති පාර්ලිමේන්තුවේදී කියපු කතාව


19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව බලාත්මක කිරීමේ යෝජනාව අගමැති  මහින්ද රාජපක්ෂ අප්‍රේල් 25දා සවස පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත්කර ඊට අනුමැතිය ලබාගත් බව රජයේ නිල ප්‍රකාශකයින් කැබිනට් තීන්දු දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී  ප්‍රකාශ කළේය.

රටේ හමුවේ පවතින අභියෝගය ජය ගැනීම සඳහා ගත යුතු කෙටිකාලීන මෙන්ම දිගුකාලීන විසඳුම් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අගමැතිවරයා  නව ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව පසුගිය 19 දා පාර්ලිමේන්තුවේ දී ද අදහස් පළ කළේ ය.

රටේ ආර්ථික, දේශපාලන හා සමාජයීය ස්ථාවරත්වයක් සඳහා ගත හැකි කඩිනම් හා ප්‍රායෝගික විසඳුම ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඇතිවිය යුතුයැ යි තමා විශ්වාස කරන බව ද අගමැතිවරයා එහිදී කියා සිටියේ ය.

එහි ආරම්භක පියවර ලෙස 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව ප්‍රජාතන්ත්‍රවාදීව බලාත්මක කිරීම කෙටිකාලීනව ගත හැකි කාලෝචිතම විසඳුම බව ද අගමැතිවරයා එහිදී සඳහන් කළේ ය.



 

Leader Whats app

 

 

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය