නව අග්‍රාමාත්‍යවරයකු සහ අමාත්‍ය මණ්ඩලයක් යටතේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ එකඟ වූ බව ශ්‍රී ලංකා නිදහස්

පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

එම නව ආණ්ඩුවට අවශ්‍ය උපදෙස්දීම සඳහා ජාතික සභාවක් පත්කිරීමට ද ජනාධිපතිවරයා කැමැත්ත පළ කළ බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂවල නායකයන් අතර අද (29) පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාව ඇතිවූ බව ද මෛත්‍රීපාල සිරිසේන කීවේය.

ඔහු මේ අදහස් පළ කළේ, ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රිවරුන් සහ ජනාධිපතිවරයා අතර අද පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වමින් ය.

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්