අන්තර්කාලින සර්ව පාක්ෂික ආණ්ඩු වැඩසටහනත් සමග ස්ථාපිත කිරීමට නියමිත 'ජාතික සභාවට' එකතුවන්නැයි

ජනාධිපතිවරයා, හිටපු අගමැති රනිල් වික්‍රමසිංග ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.

රජයේ ක්‍රියාදාමය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ජාතික එකඟතා ආණ්ඩුවක් සැකසීමේ අවශ්‍යතාව හා එහි මූලික පියවර ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් ජාතික සභාවක් පත්කරගැනීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී තිබේ.

අගමැති ධුරය පවා බාර ගන්නැයි මිට සති කිහිපයකට ඉහතදී ආණ්ඩුවේ බලධාරීන් රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලීම් කර තිබු නමුත්, රට මුහුණදී සිටින මෙම අර්බුදකාරී අවස්ථාවේදී කිසිඳු තනතුරක් බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති හිටපු අගමැතිවරයා රට යළි ගොඩනැගීම සඳහා තනතුරු හා වරප්‍රසාද නොගෙන ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට උපරිම සහය ලබාදීමට එකඟත්වය පළකර තිබිණ.

 

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

 

2020 මහ මැතිවරණයෙන් පසු ආණ්ඩු පක්ෂ නියෝජනය කර, මේ වන විට ස්වාධීනව සිටින පක්ෂ නායකයින් හා නියෝජිතයන් සමග අද (29) පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි.

පක්ෂවල නියෝජිතයන් ඉදිරිපත් කළ පොදු යෝජනාවලියේ වූ කරුණු සඳහා සියලු දේශපාලන පක්ෂ සහාය දක්වන්නේ නම් තමා ඊට එකඟතාව පළ කරන බව ජනාධිපතිවරයා සඳහන් කළ බවද එම නිවේදනයේ සඳහන් වේ.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සැකසීම සඳහා වූ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට සාකච්ඡාව සඳහා සහභාගී වු නියෝජිතයන්ගෙන් පස්දෙනෙකු නම් කිරීමට ද මෙහිදී තීරණය කර ඇත.

පොදුජන පෙරමුණ ඇතුළුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු දේශපාලන පක්ෂ අදහස් ලබාගැනීමෙන් පසු ක්‍රමවත් වැඩපිළිවෙළක් සකසා ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කර තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහින්ද අමරවීර, අනුර ප්‍රියදර්ශන යාපා, විජේදාස රාජපක්ෂ, තිස්ස විතාරණ, ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න, දයාසිරි ජයසේකර, පූජ්‍ය අතුරලියේ රතන හිමි, ලසන්ත අලගියවන්න, නිමල් ලංසා, ජයන්ත සමරවීර, ජයරත්න හේරත්, ටිරාන් අලස්, ජගත් පුෂ්පකුමාර, නලීන් ප්‍රනාන්දු, එම්.එම්. අතාවුල්ලා, ගෙවිඳු කුමාරතුංග, වීරසුමන වීරසිංහ සහ අසංක නවරත්න යන මහත්වරු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

 


Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්