theleaderlk 01

රටේ වත්මන් අර්බුද විසඳා ජනතාවට සහන සැලසීම සඳහා තෛනිකායික මහනාහිමිවරුන් ඉදිරිපත් කළ

යෝජනාවලිය වහා ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සංඝ සම්මුතියකට එළැඹීම අද (30) සිදු කෙරිණි.

ඒ, කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශයේ පැවති සංඝ සමුළුවකදීය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි ඇතුළු ත්‍රෛනිකාය නියෝජනය කරමින් භික්ෂූන් වහන්සේ දහසකට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

උන්වහන්සේලා නිදහස් චතුරස්‍රය වෙත පාගමනින් වැඩම කළේ කොළඹ 07 බෞද්ධ මහා සම්මේලනයේ සිටය.

මහාචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි නා හිමියන් විසින් අදාළ සංඝ සම්මුතිය ප්‍රකාශයට පත් කළේය.

ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් එම මහ සඟ සමුළුවේ ප්‍රධාන දෙසුම පැවැත්වූහ.

මහා නායක ස්වාමීන්වහන්සේ නිකුත් කළ ලිපියට අනුව පවතින අර්බුදය අවසන් කිරීමට පාලකයන් ක්‍රියා නොකළ හොත් ඔවුන්ට එරෙහිව සංඝ සම්මුතියක් මගින් දැඩි පියවරක් ගැනීමට පෙර පාලකයින්ට බලපෑමක් එල්ල කිරීම සදහා මෙම සඟ සමුළුව කැදවූ බව උන් වහන්සේ එහිදී කියා සිටියහ.

පෞද්ගලික දේශපාලන අරමුණු පසෙක තබා විපක්ෂයද රට ගොඩනැගීමට එක් විය යුතු බවද පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් මෙහිදී අවධාරණය කළහ.

21542121

 

 

 


Leader Whats app