ලබන පාර්ලිමේන්තුවාරය තීරණාත්මක බවත් ජන අරගලයට ශක්තියක් වෙමින් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය එම සතිය තුළ ගෙන එන බවත් විපක්ෂ

නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

පාර්ලිමේන්තුව තිබෙන විට කල යුතු දේත්, නැති විට කළ යුතු දේ පිළිබඳ අවබෝධයක් නැති පිරිස් කියන කතා කිසිසේත් මායිම් නොකරන බව පැවසූ විපක්ෂ නායකවරයා, මහපොළොවෙ දුක් විඳින ජනතාවගේ අපේක්ෂාවන් කිසි ලෙසකින් හෝ පාවා නොදෙන බවද පැවසීය.

 විශ්වාසභංගයේ දී හැසිරෙන ආකාරය අනුව සැබෑ දේශප්‍රේමීන් සහ ජනතාවාදීන් කවුදැයි කියා අවබෝධ කරගත හැකි බව පැවසූ විපක්ෂ නායකවරයා, දෙවසරක් තුළ රටම වලපල්ලට රැගෙන ගිය රාජපක්ෂ ආණ්ඩුව වහාම ගෙදර යැවිය යුතු යැයි ද පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව පවසා සිටියේ 'නිදහස් අරගලයේ සමගි බල පා ගමන' පස්වෙනි දිනයට යක්කල නගරයෙන් ආරම්භ කරමිනි.

ජනපීඩක දුර්ධාන්ත ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන නිදහස් අරගලයේ “සමගි බල පා ගමන” ඊයේ  (30) පස්වෙනි දිනයට යක්කලින් ආරම්භ විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය නියෝජනය කරන මහජන නියෝජිතයින් ඇතුළු දහස් සංඛ්‍යාත පිරිසක් එම පා ගමනට එක්ව සිටී.

ඊයේ එහි ගමනාන්තය පෑලියගොඩ වූ අතර අද පැලියගොඩ සිට කොළඹට ඒමට නියමිතය.


 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්