තරුණයින් සිහින දකින වඩා සුන්දර, ප්රජාන්ත්රවාදය රජයන, සාමකාමී ශ්‍රී ලංකාවක් බිහිකර ගැනීමේ සටන සාර්ථක වේවා යි ප්‍රාර්ථනා කර සිටින බව හිටපු
ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසයි.
මැයි දිනයට සුබ පැතුම් එක්කරමින් ඇය සිය දෙස්බුක් පිටුවේ එවැනි සටහනක් පළකර ඇත්තේ, කොළඹ ගාලු මුවදොර පිටියේ විරෝධතාවයේ නිරත පිරිසක් ඒ අසල පිහිටි හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක සිය පියාණන්ගේ පිළිරුවෙහි දෙනෙත් කළු පටියකින් ආවරණය කර තිබෙන මොහොතකය.
ගාලුමුවදොර අරගලය පසුබිමේ දැවැන්ත බණ්ඩාරනායක ප්‍රතිමාව දැක්වෙන ජයරුපයක් සමග හිටපු ජනාධිපතිනියගේ ෆේස්බුක් සටහනේ මෙසේ සඳහන් වේ.
''රටක් ලෙස ඉතාමත් අර්බුදකාරී අවස්ථාවකට මුහුණ දී සිටින අවස්ථාවක එළඹි මෙවර ලෝක කම්කරු දිනය අපට සුවිශේෂී වන්නේ, වාර්ගික සහ ආගමික බේද පසෙකලා සියලු වැඩකරන ජනතාව එක මිටට එකතු වී, තම පුරවැසි අයිතීන් වෙනුවෙන් සටන් වදින අවස්ථාවක් වීම හේතුවෙනි.
බණ්ඩාරනායක රජයෙන් ඉතිහාසයේ පළමු වරට සේවක අර්ථසාධක අරමුදල පිහිටුවීම, කම්කරු අයිතීන් දිනා දී, පැය අටේ වැඩ මුරය ඇති කිරීම, කම්කරු දිනය නිවාඩු දිනයක් බවට පත් කිරීම, වෘත්තීය සමිති පිළිගැනීම, කුඹුරු පනත, ජනසතු ව්‍යාපාරය ඇති කිරීම වැනි ක්‍රියාමාර්ග හරහා වැඩ කරන ගොවි කම්කරු ජනතාවට වටිනාකමක් ලබා දුන්නේ ය.
එහෙත් අද වන විට ඒ සියල්ල උඩු යටිකුරු වී, අදූරදර්ශී පාලන තන්ත්රයන් නිසා ලාංකීය ජනතාව ඉතාමත් අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණ දී සිටියි.
ඒ අර්බුදය ජය ගැන්ම වෙනුවෙන් ඉතාමත් ප්රජාතන්ත්රවාදී ව සහ සාමකාමීව පක්ෂ භේදයකින් තොරව මෙරට තරුණ පරපුර ආරම්භ කළ අරගලයට අද වන විට රට පුරා වැඩකරන ජනතාව ද එකට එකතු වී තිබේ. ඔවුන් සිහින දකින වඩා සුන්දර, ප්රජාන්ත්රවාදය රජයන, සාමකාමී ශ්‍රී ලංකාවක් බිහිකර ගැනීමේ සටන සාර්ථක වේවා යි ප්‍රාර්ථනා කරමි.
තරුණයින්ගේ අරගලය සහ ඔවුන් ඉල්ලා සිටින දේ ගැන හිටපු ජනාධිපතිනිය මිට ඉහතදී ද ඇගයීමට ලක්කර තිබිණ. ඒ, සිරස නාලිකාව සමග පැවති සාකච්ජාවකදී ය.
සබැඳි පුවත් :
ලොව බලන්නට දෑස් දුන් පියාගේ දෑස් අන්ධ කිරීම - (චන්දිමා ජයසේන)
'ඇහැරෙන්න' : බණ්ඩාරනායක පිලිරුවේ දෑස් බැද දමයි
නිර්පාක්ෂික ජන අරගලයට සහය පලකිරීමේ අරමුණින් යුතුව සංවිධානය කළ සත්‍යක්‍රියාවේ ප්‍රකාශිත සම්මුතියේ යෝජනා 15
.