අදට (මැයි 01) යෙදී ඇති ලෝක කම්කරු දිනය වනවිට මෙරට ලක්ෂ අසුවක් තරම් වැඩකරන ජනතාවට
ඉතා අසීරු ජීවන තත්වයක් මේ වර්තමාන ආණ්ඩුව උරුම කරදී ඇති බවත්, එම අමාරුකම් මැදින් රිදී රේඛාවක් ලෙස ජනතාව රාජපක්ෂ ඔලිගාචියට එරෙහිව නැගී සිටීම දැකීම සතුටට කරුණක් බවත් සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක (PCR) වසයි.
ලක්ෂ දාහතරක් තරම් රාජ්‍ය සේවකයන්ද, නිල වශයෙන් අර්ථසාධක අරමුදල් සහිත තවත් ලක්ෂ විසි හයක් තරම් පුද්ගලික අංශයේ වැඩ ජනතාව මෙන්ම ගොවි, වැවිලි, ආදී අපේ ශ්‍රම බලකාය කොවිඩ් වසංගතය හා රජයේ අඥාන පොහොර ප්‍රතිපත්තිය වැනි හේතු නිසා රැකියා අහිමි වෙමින් විශාල පීඩනයකට ලක් වුණ බව අද දින ලෝක කම්කරු දිනය නිමිති කරගනිමින් ඔහු පැවසිය.
එහිදී පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ ය.
''අපේ රට අප්‍රේල් දොළොස් වෙනිදා ඉඳන් නිල වශයෙන් බංකොලොත්''
"දැන් අපේ රට අප්‍රේල් දොළොස් වෙනිදා ඉඳන් නිල වශයෙන් බංකොලොත්. මේ බංකොලොත්භාවයත් එක්ක විදේශ ආයෝජන, විදේශ සමග කරන ගනුදෙනු, විදේශ වෙළදාම සම්පූර්ණයෙන්ම වගේ අනුක්රමයෙන් ඇණහිටිමින් තියෙනවා. බැංකු ඉතාම භයානක අනතුරුදායක තත්වයකට පත්වෙමින් තිබෙනවා. මුල්‍ය පද්ධතිය දෙදරා යමින් තිබෙනවා.
රජයට සිද්ධ වෙලා තියෙනවා දින කිහිපයක් ඇතුලතම ප්‍රකාශ කරන්න සියලුම සංවර්ධන කටයුතු නතර කරන බව. මේ සියල්ලෙන්ම පෙනී යන්නේ රටේ සංවර්ධනය, සම්පූර්ණයෙන්ම දැන් නතර වෙලා තියෙන බවයි.
''විශේෂයෙන්ම පුද්ගලික අංශයේ රැකියා විසි හය ලක්ෂය ඉතාමත්ම බරපතල අනතුරකට ලක්වෙලා තිබෙනවා. සංචාරක ව්‍යාපාරයට අමතරව කර්මාන්තශාලා පවා දැන් වැසී යමින් තිබෙනවා. ''
ඒ වගේම මේ රට තුල ස්ථාපිත වෙලා තිබිච්ච වැදගත් කර්මාන්තශාලා, ඇඟලුම් ක්ෂේත්රය තවත් ක්ෂේත්‍ර විදේශ රටවලට විතැන් වෙමින් තිබෙනවා. මේ අතර රාජ්‍ය සේවයත් ක්‍රමයෙන් බරපතල අර්බුදයකට යන්න නියමිතයි.
විශේෂයෙන්ම බැංකු ක්ෂේත්රය අඩපණ වීමත් එක්ක, සංවර්ධන කටයුතු නතර වීමත් එක්ක, රාජ්‍ය අංශවල, අධිකාරී වලින් පටන් අරගෙන, මණ්ඩල වලින් පටන් අරගෙන අපිට පේනවා අර්බුදය දෙපාර්තමේන්තු කරා ගමන් කරමින් තිබෙන බව.
ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ඒ වගේම ලංකා විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ගෑස් සමාගම, මෙවැනි ආයතන අද බරපතල මුල්‍ය අර්බුද වලට මුහුණ දෙමින්, ඔවුන්ට දැන් ඔවුන්ගේ සේවකයින්ගේ වැටුප් සහ ආයතන පවත්වාගෙන යාම කියන එක පවා ලොකු ප්‍රශ්න බවට පත්වෙලා තිබෙනවා.
එකම සුබදායි පණිවිඩය මේ මහා අඳුර මැද රෙදි රේඛාවක් වගේ තිබෙන්නේ. වැඩ කරන ජනතාව මේ රාජපක්ෂ ඔලිගාචයට එරෙහිව අරගල බිමට පිවිස තිබීම.
විශේෂයෙන්ම මේ රටේ ගොවි ජනතාව, වැවිලි කර්මාන්ත ක්ෂේත්‍ර වල ජනතාව, රාජපක්ෂවරුන්ගේ අර මෝඩ පොහොර තහනමට එරෙහිව රටේ ජනතාව අවදි කරන්න, පාරවල් වලට ආවා.
ඊළඟට රාජ්‍ය සේවකයෝ, විශේෂයෙන්ම ගුරු විදුහල්පති අරගලය, මේ රටට අලුත් පන්නරයක් ලබා දුන්නා. ගම්වල හිටපු ඒ පොහොට්ටු, අර ලුම්බන් දේශපාලන බලවේග පරාජයට පත් කළේ මේ රටේ ගුරුවරුත්, මුල් ගුරුවරුත් එකතු වෙලා.
ඒ වගේම අනෙකුත් හැම ක්ෂේත්රයකම, සෞඛ්‍ය ක්ෂේත්රය වැනි ක්ෂේත්‍ර වලට හමුදාව යොදවලා, සෞඛ්‍ය සේවයේ නායකත්වය උදුරා ගත්තත්, ඒ ක්ෂේත්‍ර වල වෘත්තීය සමිති වල හිටපු ඇතැම් නායකයෝ, රාජපක්ෂවරුන්ගේ බත් බැලයෝ හැටියට කටයුතු කළත් ස්වාධීන බලවේග ඒ ක්ෂේත්‍ර වලත් නැගී සිටියා.
ඉතින් අද වෙනකොට ආරක්ෂක හමුදා, පොලිසිය වැනි ස්ථානවල පවා මේ වේදනාව, දෛනික වේදනාව, කුසගින්නේ වේදනාව ඒ වගේම දරුවන්ගේ අනාගතය පිළිබඳ වේදනාව, අද රැව් පිළිරැව් දෙමින් තිබෙනවා.
ඉතිහාසයේ බොහෝ කලකට පස්සේ සමස්ත මහා වැඩ වර්ජනයකට සාර්ථකව මේ රටේ ජනතාව, වැඩ කරන ජනතාව එකතු වුණා. ඒ විතරක් නෙවෙයි, මැයි හයවෙනිදා, මේ රටේ දැවැන්ත හර්තාල් ව්‍යාපාරයකට, අපේ ජනතාව සූදානම් වෙමින් තිබෙනවා. ඒක අර අපේ අලුත් තරුණ පරම්පරාව ආදර්ශයට ගනිමින් ප්‍රචණ්ඩත්වයෙන් තොරව කටයුතු කිරීම අවශ්‍යයි.
මීට පෙර එක්දහස් නමසිය පනස් තුනේ හර්තාලයෙන් එවකට පැවතිච්ච ආණ්ඩුව යුධ නෞකාවක පලවා හැරියා වගේ රාජපක්ෂවරු ඒ දේශපාලන බිමෙන් අතුගා දැමීම තමයි ඒ හර්තාලෙත් අරමුණ විය යුත්තේ.
ඒ නිසා මෙතෙක් කාලයක් අසංවිධිතව තිබිච්ච මේ අරගල භූමිය මේ වැඩකරන ජනතාවත් එක්ක, වැඩකරන ජනතාවගේ ඉදිරි ගමනත් එක්ක සංවිධිත භූමියක් වෙයි.
''අපි මේ අර්බුදයට විසඳුම් හොයන්න ඕන. ඒ සඳහා අපි හැමෝගෙම කැපවීම අවශ්‍යයි''
ඒ අතරේ අපි මේවට විසඳුම් හොයන්න ඕන. ඒ සඳහා අපි හැමෝගෙම කැපවීම අවශ්‍යයි. මොකද රට අතිශය දුෂ්කර අවස්ථාවක තිබෙන්නේ. බංකොලොත් රටක් කියන්නේ නැවත ගොඩ ගැනීම ඉතාමත් අසීරු තත්වයක්. ඒ අසීරු තත්වයට අවශ්‍ය කරන ප්‍රතිපත්ති තැනීමට, ඒ අසීරු තත්වයෙන් ගොඩ ඒමට අවශ්‍ය කරන අධිෂ්ඨානය ඇතිකරගන්නට අපේ වැඩබිම අපි සූදානම් කරගත යුතුයි.
ඒ නිසා මේ වැඩ කරන ජනතාව, දේශපාලන පක්ෂ වලට ඔබ්බෙන් ගිහිල්ලා, ඉහළින් ගිහිල්ලා, වෙනදා ඒ දේශපාලන පක්ෂවල නායකයින්ගේ අණට, මධ්‍යම කාරක සභා, දේශපාලන බල මණ්ඩලවල අණට ක්‍රියාත්මක වෙච්ච, අපේ වැඩ කරන ජනතාවත්, අපේ තරුණ පරම්පරාව ආදර්ශයට අරගෙන ස්වාධීන, බලගතු වෘත්තීය මධ්‍යස්ථානයක් බවට පුද්ගලික අංශයෙත්, රාජ්‍ය අංශයෙත් එකතු වීම ගැන ලොකු සතුටක් අපට තිබෙනවා.
''රාජපක්ෂවරු ඉවත්වීම ප්‍රධාන කොන්දේසියක්.''
අපි දැන් ඒ අරගලය මේ රට ගොඩනගන තැනක් බවට පරිවර්තනය කරන්න, රට හැකි තැනක් බවට පරිවර්තනය කරන්න කැපවෙමු.
ඒ සඳහා රාජපක්ෂවරු ඉවත්වීම ප්‍රධාන කොන්දේසියක්. ඒ වගේම නැවත රාජපක්ෂවරු වැනි පවුල් පාලනයක් හෝ දූෂිත පාලනයක් ඇති වීම වැළැක්වීමත් අපේ අධිෂ්ඨානයේ මඟක් විය යුතුයි. නැත්නම් මේ සියලු කැපවීම්, ඒ සියලු අරගලයේ, මේ විඳපු දුකේ ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ.
ඒ වගේම මේ රට ගොඩගැනීම සඳහා ආර්ථික හා සමාජීය ශක්තීන් එකට එකතු කරලා, ඒ ශක්තීන් සමඟ අපි පෙරට අපි කැප වෙමු.
ඒ සඳහා මේ රටේ වෘත්තීයවේදීන් ඒ වගේම මේ රටේ ඒ වෘත්තීයවේදීන්ට පහලින් තියෙන පරිපාලන සේවකයින් ඒ වගේම අනෙකුත් ක්ෂේත්‍ර වල වැඩ කරන ජනතාව පහළම මට්ටමේ ඉන්න කම්කරු ජනතාව දක්වා අපි සියලු දෙනාම එක මවකගේ දරුවන් වෙන්න.
පුරවැසියන් හැටියට මේ මාතෘ භූමිය ගලවා ගැනීමට ජාති, ආගම්, කුල භේද වලින් තොරව එක මිටකට එකතු වෙන්නට මේ මැයි දිනයේ අධිෂ්ඨාන කරගමු."