මහවැලි රාජ්‍ය අමාත්‍යධූරය කෝටි 50කට විකිණි ඇතැයි කියන ප්‍රකාශය පිළිබඳවත්,

ඒ කෝටි 50 ගත් පුද්ගලයා කව්දැයි සොයා බැලීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වහාම විමර්ශනයක් කරන්නයි හිටපු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියි.

''ඩඩ්ලි සිරිසේන මහතා කියනවා මහවැලි රාජ්‍ය අමාත්‍ය ධූරය රොෂාන් රණසිංහගෙන් ගලවලා අහවල් කෙනාට ලබා දුන්නේ කෝටි 50ක් ලබාදීලා කියලා, ඒකට හේතු වුනේ රොෂාන් රණසිංහ මහවැලි රාජ්‍ය අමාත්‍ය ධුරය හිටියොත් අපේ අයියගෙ, මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ දේශපාලනයට තර්ජනයක් වෙනවා, අපේ අයියාගේ දේශපාලනය ඉවර වෙනවා කියලා. ''

මේ විදිහයට කෝටි 50කට ඇමතිකමක් විකිණෙන්නත් ඒ කෝටි 50 කවුද ගත්තේ කියාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඩඩ්ලි සිරිසේන මහතා ගෙන්නලා වහාම විමර්ශනයක් සිදුකරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පැවසීය.

රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේ පොළොන්නරුව දිඹුලාගල සිරිපුර ඉසුරු හෝටලයේ දී 01 මැයි රැළියට සමගාමීව,  ආකල්පමය වෙනසක්, ජාතික ප්‍රතිපත්තියක් යන මැයෙන් පක්ෂ සංවිධායකයින් පළාත් සභා නියෝජිතයින් එක්ව සංවිධානය කර තිබූ මැයි රැලියකදීය.

හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ එහිදී තවදුරටත් මෙසේද සඳහන් කළේය.

 

''වෛරයෙන් ක්‍රෝධයෙන් කවුරු හරි කටයුතු කළොත් ඒ පුද්ගලයන්ට ඒ පක්ෂවලට හරියන්නේ නෑ. එහෙම ආණ්ඩුවක් කරනවා නම් පැවැත්මක් නැහැ,  හැට නවලක්ෂයක් ඡන්දෙ දීපු අයට වසර එක හමාරකින් මේ ආණ්ඩුව එපා වුණා. ඒකට සාධාරණ හේතු ඇති. මම ගොවි ජනතාව සමග සිටින නායකයෙක් හැටියට ගොවීන්ගෙන් පත්වුණු නායකයෙක් හැටියට ප්‍රකාශයක් කරලා තනතුරු අතහරින්න හේතුවුණේ ගොවිජනතාවට සිද්ධ වුණ ගැටළු නිසා.''

 


 ගොවි ජනතාවට රසායනික පොහොර දෙන්න බැරිනම් කෙලින්ම කියන්න ඕනේ දෙන්න බෑ කියලා. මම වර්තමාන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාට යෝජනා කළා ගොවියන්ට පොහොර දෙන්න බැරිනම් පෞද්ගලික සමාගම් වලින් පොහොර ලබාගන්න මුදල් හරි දෙන්න කියලා, ඒකට කීපදෙනෙක් කැමැත්ත පළ කලා, මේ ආර්ථික සමාජ විනාශයට, හැත්තෑ හතෙන් පසුව රට පාලනය කරපු හැම නායකයෙක්ම වගකියන්න ඕන.

ඒ වගේම වසර හැත්තෑ හතරක්ම රට පාලනය කරේ වයෝවෘද්ධ නායකයෝ. නමුත්  මේ රටේ හොඳ බුද්ධිමත් තරුණ දේශපාලන නායකයින් ඉන්නවා, හොඳ ප්‍රායෝගික ආකල්පමය වෙනසක් ඇති කරන්න පුළුවන් පිරිසක් සිටිනවා. මේ රටවල් පාලනය කරන්න ඒ අයටත් අවස්ථාවව දෙන්න ඕනේ,  ඉදිරි මැතිවරණ වලදී ඒ අයට අවස්ථාව ලබා දිය යුතුයි.

ජාතික ආණ්ඩුවකට එකතු වීමට අකමැති අයකු වේනම් ඒ එකෙකුවත් ඊළඟ මැතිවරණයකදි පාර්ලිමේන්තුවට තෝරාපත් කරගන්න එපා කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා, පාර්ලිමේන්තුවේ 225 අතර ඉන්නවා පාපැදියක් වත් නැතිව පාර්ලිමේන්තුවට තේරී පත් වූ අය. අද විවිධ ජාවාරම් කරලා හොඳ තැන්වල ඉන්නවා.

 

පාර්ලිමේන්තුවේ හොඳ පිරිසකුත් ඉන්නවා නැතුව නොවෙයි, මේ රට ගොඩ ගැනීමටනම් අපි වගේම රාජ්‍ය සේවකයින්, මහජනතාව ලොකු කැප කිරීමක් කරන්න ඕනේ. මේ රට ගොඩගන්න පුළුවන් හැබැයි ආකල්පමය වෙනසක් ඇති කරලා ජාතික ප්‍රතිපත්තියක් අනුව ක්‍රියාකළ යුතු යැයි ද රණසිංහ මන්ත්‍රීවරයා කීවේය.

මෙම අවස්ථාවට දිඹුලාගල  වැලිකන්ද සංවිධායක  ජගත් සමරවික්‍රම, දිඹුලාගල සභාවේ විපක්ෂ නායක රංජිත් කහගල්ල, වැලිකන්ද  ප්‍රාදේශීය සභාවේ සභාපති නිමල් අධිකාරි,  ප්‍රදේශ්යේ පක්ෂ සංවිධායකවරුන් මෙන්ම පක්ෂ ආධාරකරුවන් සැලකිය යුතු පිරිසක් එක්ව සිටියහ.

Mayday Roshan 1

Mayday Roshan 2

Mayday Roshan 3

 

 


Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්