1200 x 80 DMirror

නිශ්චිත කාලයක් තුළ රට ගොඩනැගීම සඳහා ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙල පිළිබද ජනතාව දැනුවත් කරන ලෙස කැබිනට් අමාත්‍යාංශවල හිටපු ලේකම්වරුන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ගෙන් ඉල්ලීමක්

කර තිබේ.  

ඒ, කරුණු 5 ක් යටතේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමිනි.

රජයේ ආදායම වැඩි කර ගැනීම, වියදම් පාලනය, මෙරටට ලැබෙන විදේශ විනිමය වැඩි කර ගැනීම, විදේශ විනිමය කළමණාකරනය සදහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළයුතු බව ජනාධිපතිවරයා වෙත එම ලිපියෙන් පෙන්වා දුන් බව එම සංගමයේ සභාපති එස් අමරසේකර පැවසිය.



ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවද පවතින ගැටළුවලට විසදුමක් නොලැබෙන බවත් කළයුත්තේ ව්‍යුහාත්මක වෙනසක් ඇති කර නිශ්චිත කාලයක් තුළ රට ස්ථාවර කිරීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළයුතු බවයි.



විධායක බලතල භාවිත නොකර සියලු පක්‍ෂවල සහාය ලබාගෙන සීමිත පිරිසකගෙන් සැදුම්ලත් අමාත්‍ය මණ්ඩලයක් පත්කර ලෙසත් ජනාධිපතිවරයාට මෙන්ම අමාත්‍ය මණ්ඩලයට උපදෙස් ලබාදීම සදහා විධායක සභාවක් පත් කර ගන්නා ලෙසද එම ලිපියෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙවන් අවස්ථාවක විධායක ජනාධිපති බලතල භාවිත නොකරන ලෙසත්, විධායක සභාවකින් ලබාදෙන තීරණ මත පදනම්ව කටයුතු කරන ලෙසත් එම ලිපියෙන් පෙන්වා දුන් බව හිටපු අමාත්‍ය මණ්ඩල ලේකම් එස් අමරසේකර වැඩිදුරටත් සදහන් කළේය.


(nethnews.lk)


සබැඳි පුවත් :
'මාර්ග ඉදිකිරීමෙන් ආර්ථිකය කඩාවැටුනා' - මහින්දගේ හිටපු ලේකම්වරයෙක් කියයි


 

 

 

 

Leader Whats app

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය