ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරමින් මෙරට පැවැත්වෙන අරගලයට සහය පළ කරමින්, ජාත්‍යන්තර කම්කරු දිනය යෙදුණු ඊයේ
(1) ලොව පුරා විවිධ රටවල පදිංචි ශ්‍රී ලාංකිකයෝ විරෝධතා සංවිධානය කර තිබිණි.
ඇමෙරිකාවේ වොෂින්ටන් ඩී.සී, නිව්යෝර්ක්, නෙබ්බ්‍රැස්කා, විස්කොන්සින්, අයෝවා, ඔක්ලහෝමා, නිව්මෙක්සිකෝ, කෙන්ටාකි, අරිසෝනා, සැන් ෆ්‍රැන්සිස්කෝ, ලොස් ඇන්ජලීස්, ඔරිගන් ආදී ප්‍රාන්ත රැසකදී මෙම විරෝධතා පැවැත්විණි.
මීට අමතරව නවසීලන්තයේ ඕක්ලන්ඩ්, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්, ලන්ඩන් පාර්ලිමේන්තුව ඉදිරිපිට ආදී වශයෙන් ද ශ්‍රී ලාංකිකයන් විරෝධතා සංවිධානය කර තිබිණි.
මේවාට සහභාගී වූ ලාංකික පිරිස් පැවසුවේ රටට ඩොලර් එවීමට මිලියන දෙක හමාරක් පමණ වන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සූදානමින් සිටින නමුත් රාජපක්ෂවරුන් බලයේ සිටින තුරු එම මුදල් එවීමට නොහැකි බවයි.
ඔවුන් බලයේ සිටින විට එවන මුදල්වලින් රටට පළක් නොවන බව ද ඔවුහු පැවසූහ.
(lankadeepa.lk)

