1200 x 80 DMirror

අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතිපත්තිමය එකඟතාවකට එළඹී තිබේ.



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණි බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේදී අද (මැයි 2) පෙරවරුවේ මෙම සාකච්ඡාව පැවැත්විණි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට මීට පෙර ඉදිරිපත් කළ කරුණු 11ක යෝජනාවලිය තවදුරට ත් සංශෝධනය කර පිටු 13කින් සමන්විත නව යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති අතර එහිදී ඒ පිළිබඳව සාකච්ඡාවට භාජනය වී තිබේ.

ඉදිරියේදී සෙසු පක්ෂවලට ද ආරාධනා කර සාකච්ඡා පැවැත්වීමට ද එහිදී තීරණය කර ඇති අතර රට තුළ උද්ගත වී ඇති ආර්ථික ප්‍රශ්න සඳහා කඩිනමින් විසඳුම් සෙවීමට ද එහිදී තීරණය කර ඇත.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, එහි මහලේකම් සාගර කාරියවසම්, අමාත්‍ය රමේෂ් පතිරණ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න යන මහත්වරුන් සහභාගි වී තිබේ.

එමෙන් ම, අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට පක්ෂ 11 නියෝජනය කරමින් පත් කරන ලද නියෝජිතයින් 5 දෙනා වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ ටිරාන් අලස් යන මහත්වරුන් ද ඊට එක්වී ඇත.


Leader Whats app

 

 WhatsApp Image 2022 05 02 at 1.08.35 PM

 

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය