theleaderlk 01

පොහොට්ටුවේ අලුත් අගමැතිවරයකු යටතේ අන්තර්වාර පාලනයක් ඇති කිරීම රටේ ගැටළුවට කෙටිකාලීනව ලබාදිය හැකි ප්‍රායෝගිකම විසඳුම බවත් එම

අගමැති ධූරය සඳහා තමාගේ මතය අනුව වඩාම සුදුස්සා ඩලස් අලහප්පෙරුම බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ඩිලාන් පෙරේරා පැවසීය.

පසුගිය ජනාධිපතිවරණයේදී හා මහමැතිවරණයේදී වැඩිම ජනවරම ලැබුණේ පොහොට්ටුවට හෙයින් අගමැතිවරයකු පත් කිරීමේ අවස්ථාව ඒ කණ්ඩායමට ලැබිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.

සමහරුන්  වැරදි කරපු බව ඇත්ත බවත් ඒ අයගේ  උද්දච්චකම් ඔලමොට්ටලකම් ආඩම්බකම් නිසා මේ දේ සිදුවුණු බව පිළිගෙන මේ මොහොතේ කළ හැකි හොඳම දේ අන්තර්වාර පාලනයක් ඇති කිරීම බවත් ඔහු කීවේය.


''මහින්ද රාජපක්ෂට අගමැතිධූරය ලොකු දෙයක් නෙමෙයි ''


අන්තර්කාලීන රජය සම්බන්ධයෙන් පිළිගත හැකි නිශ්චිත සැලැස්මක් ඉදිරිපත් කරන්නේ නම් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉවත්වීමට සූදානම් බවද ඩිලාන් පෙරේරා පැවසීය.

රට වෙනුවෙන් තනතුරු අත්හැරපු කෙනෙකුවන මහින්ද රාජපක්ෂ මේ අගමැතිධූරය ලොකු දෙයක් නොවන බවත් ඔහු කීවේය.

උද්දච්චකම හේතුවෙන් පක්ෂ දේශපාලනය ජනතාවට අද  අප්‍රියවී ඇතැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.


(lankadeepa.lk)

 

Leader Whats app

 

 WhatsApp Image 2022 05 02 at 1.08.35 PM