theleaderlk 01

සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන

මහානායක ස්වාමීන් වහන්සේ කිසිම දේශපාලඥයෙක් හමුවීම, අනුශාසනා කිරීම සහ ඔවුන්ගේ කිසිම පිරිකරක් පිළිගැනීම වාරණය කර ඇති බව මල්වතු මහා විහාර ආරංචි මාර්ග පවසයි.

මෙරට පොදු ජනතාව මේ වන විට පීඩා විඳින දුක් ගැහැටවලට දේශපාලකයන් මැදිහත්ව අවශ්‍ය විසඳුම් ලබා නොදී කල් මැරීම හැර කිසිදු දෙයක් නොකරන නිසා මෙම තීරණය ගෙන ඇත.

ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ පූර්ණ එකඟතාවය මත පවතින අර්බුදයෙන් රට මුදවා ගැනීම පිණිස තාවකාලිකව සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම ඇතුළු යෝජනා හයක් ඇතුළත් කර ජනාධිපති, අගමැති හා පක්ෂ නායකයන් වෙත ඉදිරිපත් කරන ලද ලියැවිල්ල සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකුත් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් මහා නා හිමියන් මෙම තීරණයට එළඹ තිබේ.

 

 

 

Leader Whats app