රට පුරා ලබන 6 වන දා සිදුකරන හර්තාලයෙන් පසුවත් ආණ්ඩුව ගෙදර නොගිය හොත් මැයි 11 වන දා සිට අඛණ්ඩ හර්තාලයක් රට පුරා ක්‍රියාත්මක කරන

බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

6 වන දා ආණ්ඩුවට ලබා දෙන්නේ පෙරහුරුවක් බවත් එතැනින් පසුව වත් ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව බලයෙන් ඉවත් වී නොගිය හොත් සියලු ක්ෂේත්‍ර රට පුරා අඛණ්ඩ හර්තාලයක් සිදු කිරීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය.

ඒ අනුව, ජනතාව නිවස්වල කළු කොඩි දැමීම, වාහන ධාවනය නැවැත්වීම මෙන්ම විදුලි, තෙල්, වරාය, සෞඛ්‍ය ඇතුළු සියලු ක්ෂේත්‍රවල කටයුතු ඇනහිටින බව සමරසිංහ පෙන්වාදුන්නේ ය.

මේ සම්බන්ධයෙන් රටේ බහුජන සංවිධාන, සිවිල් සංවිධාන ඇතුළු රට පුරා වෘත්තීය සමිති සිය එකඟතාව පළ කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.




 

WhatsApp Image 2022 04 28 at 3.34.30 PM 1

Leader Whats app

 

 

 


 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්