පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ දියත උද්‍යානය අසල විරෝධතාවයේ දී සිටි තරුණ අරගලකරුවන් පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගැනීමට පෙර පොලිසිය විසින් ඔවුනට පහරදීමක් සිදුකර තිබේ.
එම අවස්ථාවේදීම සජබ මන්ත්‍රී මනුෂ නානායක්කාර මෙම සිද්ධිය පිළිබඳව කතානායකවරයා දැනුවත් කිරීමට කටයුතු කළේය.
පැහැරගෙන යනු ලැබූ තරුණ අරගලකරුවන් මේවනවිට මහරගම පොලිසියේ රඳවාගෙන සිටිනබව ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රීරාල් ලක්තිලක පැවසිය. ඔහු ඇතුළු නීතිඥයින් රැසක් මේවනවිට මහරහම පොලිසියට ගොස් සිටිති.
