රට පුරා ව්‍යාප්ත #Gotagohome ජන අරගලයේ සාමාජිකයන් පිරිසක්



ඊයේ (03) පෙරවරුවේ මහනුවර මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් වහන්සේලා බැහැදකිමින් උන්වහන්සේලාගේ අවවාද අනුසාසනා ලබාගත් තරුණ අරගලකරුවන් කිහිප දෙනෙකුද පොලිසිය විසින් අද (04) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

අද දහවල් ඔවුන් එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කතානායකවරයාට ලිපියක් බාරදීමට යමින් සිටියදීය.

ඊයේ (03) දිනයේ අතිපූජනීය මහානායක හිමිවරුන් මුණගැසී රටේ පවතින තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමට Black Cap Movement තරුණ ව්‍යාපාරයේ නිරාශාන් විතානගේ, බුවනෙක එස්. පෙරේරා, විභීතක ඇතුලු තරුණ පිරිසක් ද ඔවුන්ට සහය දක්වන වෙනත් අවශේෂ සංවිධාන වල තරුණයින් පිරිසක් ද කටයුතු කර තිබිණ.

 

දේශපාලන නායකයින්ට සිය විහාරස්ථාන වලට ඇතුළු නොවන්නැයි දන්වා තිබූ මහනායක ස්වාමීන්වහන්සේ ලා මෙම තරුණයින් සඳහා සාකච්ඡාවට අවස්ථාව ලබාදී තිබීම විශේෂ කාරණයකි.

 

එසේ, ඊයේ මහ නාහිමිවරුන් බැහැදුටු අවස්ථාවේදී මෙම තරුණ පිරිසට උන්වහන්සේලා පවසා ඇත්තේ, රටේ වර්තමාන අර්බුද තත්ත්වය විසඳීමෙහි ලා පාර්ලිමේන්තුවේ මැදිහත් වීම ලබා ගැනීම පිණිස කථානායකවරයාට ලිපියක් භාරදෙන ලෙසයි. එම ලිපිය රැගෙන යන අවස්ථාවේදී පාර්ලිමේන්තුව අසල දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් එම ලිපිය භාරදීමට යන මොහොත වන විට ඒ අසල සාමකාමී ලෙස උද්ඝෝෂණය කරමින් සිටි තවත් පිරිසක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රැගෙන විත් තිබේ.

මෙය ඉතාම ශෝචනීය තත්ත්වයක් බවත්, කථානායකට ලිපියක් භාරදීමට පැමිණීම අත්අඩංගුවට පත්වීමට තරම් කාරණයක් නම් එම රටේ යුක්තිය ඇත්තේ කොහිද යන ප්‍රශ්නය අප මතුකල යුතුව ඇති බවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ප්‍රශ්න කරති.

කතානායක වෙත බාරදීමට ගෙනගිය ලිපියේ පිටපතක් පහත පළවේ.

279232966 10224772333509215 4810397691011187006 n

PHOTO 2022 05 04 15 45 24

PHOTO 2022 05 04 13 23 11 1

PHOTO 2022 05 04 13 23 47 1

PHOTO 2022 05 04 13 40 21


 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්